Home » විනිසුරුවරුන්ට සමාජ මාධ්‍යයෙන් කරන අපහාස ප්‍රකාශන මඟින් අධිකරණය හෑල්ලුවට පත් වෙනවා

විනිසුරුවරුන්ට සමාජ මාධ්‍යයෙන් කරන අපහාස ප්‍රකාශන මඟින් අධිකරණය හෑල්ලුවට පත් වෙනවා

by mahesh
February 28, 2025 1:00 am 0 comment

දෙව්නි මහගමගේ

සමාජ මාධ්‍යකරුවන්ට එරෙහිව පියවර ගන්න
– ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක

අධිකරණයේ විනිසුරුවරුන්ට අපහාස කරමින් සමාජ මාධ්‍යවල පළවන ඇතැම් ප්‍රකාශ මඟින් අධිකරණය අපහාසයට ලක්වන වන බවත් මෙවැනි දෑ සමාජගත කරන තැනැත්තන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා නීතිපතිවරයා හමුවේ ඊයේ (27) පැවසුවේය.

ඉකුත් 19 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකරණය ඉදිරිපිට ඊයේ (27) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙසේද පැවසුවේය.

මේ ප්‍රහාරය අධිකරණය මෙන්ම විනිසුරුවරුන් හා නීතිඥයන් හට එල්ල කරන ප්‍රහාරයක් බවත් මෙම ක්‍රියාව සම්පූර්ණයෙන් අප හෙළා දකින බවයි.

විශේෂ අධිආරක්‍ෂිත කලාපයක් වූ මෙම අධිකරණයේ පරිශ්‍රයේ විනිසුරුවන් ඉදිරිපිට මෙවැනි වෙඩි තැබීමක් සිදුවීම නිසා නීතිඥයන් මෙන්ම ජනතාව ද කම්පනයට පත් වී ඇති බවත් ජනතාවගේ මෙන්ම අධිකරණයේ ආරක්ෂාවට ස්කෑන් යන්ත්‍ර මෙන්ම අනෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT