Sunday, April 20, 2025
Home » ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිඛිත අනුමැතියක් නැතිව ‘මූල්‍ය’ වචනය භාවිතය එපා

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිඛිත අනුමැතියක් නැතිව ‘මූල්‍ය’ වචනය භාවිතය එපා

by mahesh
February 28, 2025 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව “මූල්‍ය” යන වචනය භාවිතා කිරීම නොකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියේ නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මූල්‍යකරණය’ හෝ ‘මූල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුණ යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිත නොකළ යුතු බව මහ බංකුව පවසයි.

මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ඉහත ප්‍රතිපාදනය උල්ලංඝනය කරන හෝ ඊට අනුකූලවීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලයකු මේ පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව පනත යටතේ වරදකට වරදකරුවකු වන බවයි. එබැවින් ඉහත කී නීතිමය අවශ්‍යතාව පිළිපදින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අවවාද කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT