Home » ටිකට්පත් ජයග්‍රාහකයන්ට චෙක්පත් ප්‍රදානය කරමින්…
ජාතික ලොතරැයි මණ්ඩලයෙන් 

ටිකට්පත් ජයග්‍රාහකයන්ට චෙක්පත් ප්‍රදානය කරමින්…

by mahesh
February 28, 2025 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

ජාතික ලොතරැයි මණ්ඩලයෙන් නිකුත් කරන ලොතරැයි ටිකට්පත්වලින් ජයග්‍රහණය කළ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල පුද්ගලයන් 14 දෙනකුට රුපියල් දෙකෝටි හැටපන්ලක්ෂයක වටිනාකමින් යුත් චෙක්පත් ප්‍රදානය ඊයේ (27) මහනුවර බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට එළිමහන් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මහජන සම්පත, ගොවිසෙත, ලකී -7, ධන නිධානය, මෙගා පවර්, හඳහන ටිකට්පත්වලින් රුපියල් ලක්ෂ 25, ලක්ෂ 20 සහ ලක්ෂ 05 බැගින් ජයග්‍රහණ ගත් 14 දෙනකුට මෙලෙස චෙක්පත් ප්‍රදානය කළ අතර, අදාළ ටිකට්පත් අලෙවි කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයෝ ද ඇගයීමට ලක් කළහ.

ජාතික ලොතරැයි මණ්ඩලය 2024දී සුපිරි ත්‍යාගලාභීන් 41 දෙනකු ද, මේ වසරේදී මේ වනවිට සුපිරි වාසනාවන්තයන් සිවු දෙනකු ද සමඟ සුපිරි මෝටර් රථයකට හිමිකම් කියන වාසනාවන්තයකු බිහි කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් නානායක්කාර මහතා මෙලෙස පැවසීය.

“ජාතික ලොතරැයි මණ්ඩලය මෙරට ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධනය සඳහා රජයට මුදල් දෙනවා. දිනුම් අවස්ථා වැඩි කරමින් ප්‍රතිලාභීන්ගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට ද ජාතික ලොතරැයි මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. දිනුම් ලද වාසනාවන්තයන් හමුවට දිස්ත්‍රික් මට්ටමින් ගොස් ඔවුන්ට චෙක්පත් ප්‍රදානය කිරීමෙන් ලොතරැයි මණ්ඩලය තව තවත් ජනතාවට සමීප කරවීමට අපේක්ෂා කරනවා.”

මේ අවස්ථාවට මහනුවර නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඩී. බී. එස්. කේ. දිසානායක, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්, ජාතික ලොතරැයි මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් කලාප කළමනාකාර රෝහිත සේනාරත්න මහත්වරු ද සහභාගි වූහ.

ලොත­රැයි ජය­ග්‍ර­හණ ලැබූ­වන් ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ, මුදල් අමා­ත්‍යාං­ශයේ ව්‍යාපෘති කළ­ම­නා­ක­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් රංජිත් නානා­ය­ක්කාර, මහ­නු­වර නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ඩී. බී. එස්. කේ. දිසා­නා­යක, මහ­නු­වර පොලිස් මූල­ස්ථා­නා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රසික සම්පත් මහ­ත්ව­රුන් අතින් චෙක්පත් ලබා ගත් අයුරු.                               ඡායා­රූප- රුවන් මීග­ම්මන

ලොත­රැයි ජය­ග්‍ර­හණ ලැබූ­වන් ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ, මුදල් අමා­ත්‍යාං­ශයේ ව්‍යාපෘති කළ­ම­නා­ක­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් රංජිත් නානා­ය­ක්කාර, මහ­නු­වර නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ඩී. බී. එස්. කේ. දිසා­නා­යක, මහ­නු­වර පොලිස් මූල­ස්ථා­නා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රසික සම්පත් මහ­ත්ව­රුන් අතින් චෙක්පත් ලබා ගත් අයුරු. ඡායා­රූප- රුවන් මීග­ම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT