Monday, April 21, 2025
Home » වසන්ත මුදලිගේට වරෙන්තු

වසන්ත මුදලිගේට වරෙන්තු

by chanaka
February 28, 2025 5:59 pm 0 comment

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) වරෙන්තු නිකුත් කර ඇත.

ඒ, අද දින විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

2022 ගෝල්ෆේස් අරගලය අවස්ථාවේ තුවාලකරුවන් හා අපහසුතාවයට පත්වූවන් රැගෙනයාමට පැමිණි පොලිස් රෝහලට අයත් ගිලන් රථයක් අවහිර කිරීම, රාජ්‍ය සේවකයෙකුට රාජකාරිය කිරීමට නොදී බාධා කිරීම, ප්‍රකෝප කිරීමක් නොවූ අවස්ථාවකදී සාපරාධී බලහත්කාරය පෑම සහ රාජ්‍ය සේවකයකු ඔහුගේ රාජකාරී පරාසය තුළ සිදුකරනු ලබන ආඥාවකට අකීකරුවීම ඇතුළු චෝදනා හතක් සම්බන්ධයෙන් වසන්ත මුදලිගේට එරෙහිව කොටුව පොලීසිය එම නඩුව පවරා තිබුණි.

එම නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT