Monday, April 7, 2025
Home » හෙට්ටිපොළ දැරියගේ මරණයට සැකකරුවෙකු අත්අඩංගුවට

හෙට්ටිපොළ දැරියගේ මරණයට සැකකරුවෙකු අත්අඩංගුවට

by yasara
February 28, 2025 8:01 am 0 comment

කුලියාපිටිය, හෙට්ටිපොළ  ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී රෝහල්ගතකර සිටියදී දැරියක් මියයාමට අදාළව සැකකරුවෙකු හෙට්ටිපොල පොලීසිය විසින් අත්අඩංගුවට  ගෙන ඇති බව සඳහන් වෙයි.

මියගිය දැරිය සිය මිත්තණිය සමග නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මියගිය දැරිය වයස අවුරුදු 09ක් වූ මඟුලාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT