Home » චීනයට පනවන බදු ට්‍රම්ප් තවත් වැඩි කරයි

චීනයට පනවන බදු ට්‍රම්ප් තවත් වැඩි කරයි

by chanaka
February 28, 2025 1:12 pm 0 comment

අමෙරිකා එක්සත් ජනපදයට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 ක තීරු බදු තවදුරටත් වැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

නව තීරු බදු පැනවීම් ඔහු ජනාධිපති ධුරයට පත්වීමත් සමග ගනු ලැබූ ආර්ථික සහ මූල්‍යමය නියෝග ලෙස සැලකේ.

සියයට 10ක නව බදු පැනවීම තුළ ඉලක්කය බවට පත්වන්නේ, චීනයේ නිෂ්පාදිත විදුලි වාහන සඳහා විශේෂිත බදු පැනවීමයි.

ලෝකයේ විදුලි වාහන නිෂ්පාදන ධාරිතාව තුළ වැඩි ප්‍රවණතාවයක් චීන නිෂ්පාදනවලට හිමි වේ.

මේ හේතුවෙන් බටහිර ලෝකයේ යුරෝපා රටවල් ද චිනයේ නිෂ්පාදනය කරන විදුලි වාහන සඳහා අතිරේක බදු පැනවීමක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරු වන්නේ, චීනයයි. චීනය සමග සිදුකරන ගනුදෙනුවලින් ඩොලර් බිලියන 300 ක පමණ වාසියක් චීනයට හිමි වන අතර, එය අවම කර ගැනීම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රයත්නයකි.

ඒ අනුව, ඔහු චීන නිෂ්පාදන සඳහා නව තීරු බදු පැනවීම එක් ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT