Home » මිනැස්රෝ ජාත්‍යන්තර පාසල ලෝක පාසල් සම්මේලන හා People’s Excellency සම්මාන දිනයි

මිනැස්රෝ ජාත්‍යන්තර පාසල ලෝක පාසල් සම්මේලන හා People’s Excellency සම්මාන දිනයි

by mahesh
February 28, 2025 1:00 am 0 comment

මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සමුළුවේ 23 වැනි අදියරේදී සමස්ත අධ්‍යාපන පහසුකම් සපයන විශිෂ්ටම පාසල ලෙසත් People & Excellency සම්මාන උලෙළේදී විශිෂ්ටම පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සැපයුම්කරු ලෙසත් සම්මානය ලැබීය. ‘Good Start Grow Smart’ තේමාව කර ගත් මිනැස්රෝ ජාත්‍යන්තර පාසල සිසුන්ගේ අනාගතයට ශක්තිමත් අත්තිවාරමක් සහතික කරයි. එම පාසලේ පෙර පාසල් අංශය වාර්ෂික විවිධ ප්‍රසංගයක් නළ මුදු සුවඳ නමින් සංවිධාන කරන අතර එහිදී දස්කම් විදහා පෑමට සිසුන්ට අවස්ථාව ලැබේ. 2023 සහ 2024 නිවාසාන්තර ක්‍රීඩා උලෙළ දෙකක් සුගතදාස ක්‍රීඩාංගණයේදීත්, 2024 මිනැස්රෝ සිසු අබිමන් ත්‍යාග ප්‍රදානෝත්සවය BMICH හිදී උත්සවාකාරයෙන් පවත්වන ලදි. සිසුන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නැඟීම, සමාජ කුසලතා, කණ්ඩායම් හැඟීම, නිර්මාණශීලිත්වය, ආත්ම අභිමානය, සන්නිවේදන සහ භාෂා හැකියා වර්ධනය කිරීම පිළිබඳව එම පාසල ප්‍රමුඛ අවධානය යොමු කරයි.

මේජර් ආචාර්ය අනුර කන්නන්ගරගේ (අධ්‍යක්ෂ) සහ පුෂ්පා හෙට්ටිආරච්චිගේ (විදුහල්පතිනිය) නායකත්වයෙන් ක්‍රියාත්මක වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අධ්‍යාපන, ක්‍රීඩා, කලා සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට අදාළ දස්කම් දක්වන සිසුන්ව අගයයි. පාසලේ සේවය කරන පළපුරුදු ගුරු මණ්ඩලය සෑම සිසුවකු පිළිබඳවම වෙන් වෙන්ව අවධානය යොමු කරයි. බාලදක්ෂ, කරාටේ, ක්‍රීඩා වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක යෙදීමට සිසුන්ට අවස්ථාව ලැබේ. ශරීර සෞඛ්‍යය, මුඛ සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වා ගැනීමට උපදෙස් සැපයීමට නිරන්තරයෙන් සෞඛ්‍ය කඳවුරු පැවැත්වෙන අතර කුඩා කල පටන් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ප්‍රජාවක් බිහි කිරීම පාසලේ අරමුණයි. පැලවත්ත, මතුගම, පොල්ගම්පොළ පිහිටි ශාඛා හතරකින් සමන්විත මිනැස්රෝ ජාත්‍යන්තර පාසල සුහුරු පන්ති කාමර, විෂය බාහිර ක්‍රියාකාරකම්වලට අවශ්‍ය උපාංග ඇතුළු නවීන පහසුකම් රැසකින් සමන්විත වේ. ක්‍රියාකාරකම් පදනම් කර ගත් ඉගැනුම් ක්‍රමවේදයක් අනුගමනය කරන එම පාසල වර්තමාන ලෝකයට ගැළපෙන ලෙස විෂයමාලා සකසා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT