ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) අංශයේ වෘත්තීය මාර්ගෝපදේශන සහ රැකියා සේවාවන්හි විප්ලවීය වෙනසක් සිදු කිරීමේ අරමුණින් CareerOne වෘත්තීය වේදිකාව (www.careerone.gov.lk) මෑතකදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදි.
කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) (2023-2026) අමෙරිකානු ඩොලර් මිලියන 6ක ආයෝජනයකින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව පුරා TVEC සහ විවිධ TVET ආයතනවල අවශ්‍යතා සපුරමින් සිය අරමුණ වෙත පියවරෙන් පියවර සාර්ථකව ගමන් කරමින් සිටී. CareerOne වේදිකාව වෘත්තීය උපදේශන සේවා විධිමත් කිරීමට, ගැළපෙන රැකියා අවස්ථා සොයාගැනීමට සහ රට පුරා සිටින සිසුන් සහ රැකියා අපේක්ෂකයන්ගේ කුසලතා වර්ධනයට සහයක් වීමේ අරමුණින් සංවර්ධනය කර ඇත. මෙහි එක් අදියරක් ලෙස, වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරින් වෙනුවෙන් Capacity Building පුහුණු සැසි මාලාවක් 2024 ජූලි සහ අගෝස්තු මාසවලදී පවත්වන ලදි.
එමඟින් ඵලදායී ලෙස මෙම වේදිකාව භාවිත කිරීමට අවශ්‍ය දැනුම ලබාදීමට අමතරව පුළුල් වෘත්තීය මාර්ගෝපදේශනයක් සැපයීමට අවශ්‍ය පුහුණුවද ලබාදෙන ලදි. එම එක් පුහුණු සැසියක් දින 3ක් පැවැත්වුණු අතර, සති 6ක් මුළුල්ලේ මෙම පුහුණුව පැවැත්විණි. මීට අමතරව 2025 ජනවාරි මාසයේදී මෙම වේදිකාව පරිශීලනයට අවශ්‍ය දැනුම ලබාදීම උදෙසා ද එක්දින පුහුණුවක් පවත්වන ලදි. 2025 පෙබරවාරි 7 වන දින, ආයතන 70ක් නියෝජනය කරමින් වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරින් රැසක් සහභාගි වූ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වුණු අතර, එහිදී මෙම වේදිකාව භාවිත කරන ආකාරය සාකච්ඡා කිරීමටත්, හොඳම භාවිතයන් පිළිබඳ දැනුවත් වීමටත් ඕනෑම ගැටලුවක් විසඳා ගැනීමටත් අවස්ථාව හිමිවිය. මෙම ඔන්ලයින් හමුවේදී ආයතනික වෘත්තීය සේවාවලට CareerOne සාර්ථක ලෙස යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමට වෘත්තීය මාර්ගෝපදේශන වෘත්තිකයන්ට හැකිවිණි.
DTET, VTA, Univotec, සහ TVEC IT administrators ඇතුළු ප්‍රධාන ආයතනික පාර්ශ්වකරුවන්ටද CareerOne වේදිකාව බාධාවකින් තොරව භාවිත කිරීමට අවශ්‍ය දැනුම සහ තාක්ෂණික සහාය මෙම ව්‍යාපෘතිය මඟින් ලබාදෙන ලදි.