සයිබර් ආරක්ෂාව, Cloud විසඳුම් සහ AI තාක්ෂණය ඔස්සේ ඩිජිටල් ක්ෂේත්‍රයේ සීමාවන් අතික්‍රමණය කරමින් නව්‍ය තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරන ගෝලීය තාක්ෂණික සමාගමක් වන OREL IT, 2024 වසරේ වඩාත් නව්‍ය සේවා සපයන්නා ලෙස 26 වන ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී (PEA) සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උලෙළ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ප්‍රමුඛ දායකත්වයක් ලබාදුන් අපනයනකරුවන් ඇගයීම සඳහා පිරිනැමෙන මෙම ජනාධිපති අපනයන සම්මානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් OREL IT සමාගම වෙත ප්‍රදානය කරන ලදි. මෙම ගෞරවනීය සම්මානය හිමිවූයේ ලොව පුරා Fortune 500 සමාගම් රැසක් සමඟ කටයුතු කරන ඩිජිටල් පරිසර පද්ධති සැපයුම්කරුවෙකු ලෙස OREL IT විසින් AI තාක්ෂණයෙන් බලගන්වන ලද සිල්ලර වෙළෙඳාම් සහ කාර්ය කළමනාකරණ මෘදුකාංගයක් වන Planigo වෙනුවෙනි. මෙම නවෝත්පාදන මෘදුකාංගය, ගෝලීය සිල්ලර වෙළෙඳාම් දාමය තුළ මෙහෙයුම් කටයුතු වඩාත් ප්‍රශස්ත කිරීමට, කාර්ය කළමනාකරණය වැඩිදියුණු කිරීමට සහ මෙරට තුළ සහ ඉන් ඔබ්බට ඩිජිටල් පරිවර්තන කටයුතු සඳහා නව ප්‍රමිතීන් සකස් කිරීමට ඉවහල් වේ.
AI තාක්ෂණයෙන් බලගැන්වෙන සිල්ලර වෙෙළඳාමේ අනාගතය වන Planigo කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම, ඵලදායිතාවය වර්ධනය කිරීම සහ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ තීරණ ගැනීමේ හැකියාව සක්‍රිය කිරීම මඟින් සිල්ලර වෙළෙඳාම පණගැන්වීමට Planigo මනා දායකත්වයක් ලබාදෙයි. Planigo මෘදුකාංගය දැනටමත්, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් අතර, AI බලගැන්වූ සිල්ලර වෙළෙඳාම් සහ කාර්ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් දිනා ඇත. පරිණාමය වෙමින් පවතින ඩිජිටල් ආර්ථිකය තුළ ව්‍යාපාර සඳහා වාර්ෂිකව 18%ක ආදායම් වර්ධනයක් පෙන්වමින් Planigo සිය කාර්යක්ෂමතාව පිළිබිඹු කර තිබේ.