Wednesday, April 23, 2025
Home » සයිෆුදීන් ජැෆර්ජී JAAF හි යළි සභාපති ධුරයට

සයිෆුදීන් ජැෆර්ජී JAAF හි යළි සභාපති ධුරයට

by mahesh
February 28, 2025 1:00 am 0 comment

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 21 වැනි මහ සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී එම සංගමයේ සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා පසුගිය වසර තුළ සංගමය විසින් හිමි කර ගනු ලැබූ ජයග්‍රහණ මෙන්ම මෙරට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තයේ අනාගත අභියෝගවලට මුහුණ දීම පිළිබඳව අදහස් දක්වන ලදි.

“මෙම සුවිශේෂී කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් නැවතත් මාගේ සේවය ලබා දීමට

හැකිවීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා.”තමන් වෙත සියලු දෙනා තැබූ

විශ්වාසයට ඒ ආකාරයෙන් කෘතඥතාව පළ කළ ඒ මහතා ඇඟලුම් කර්මාන්තය තුළ නැවත සිදුවූ වර්ධනය ඩොලර් බිලියන 5 ඉක්මවා ගිය බවත් සියලු දෙනාගේ එක්ව කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස එම ජයග්‍රහණයන් ලබා ගැනීමට හැකි වූ බවත් සඳහන් කරන ලදි. එහෙත් කාම්බෝජය, වියට්නාමය හා බංග්ලාදේශය වැනි කලාපයේ අනෙකුත් රටවලින් එල්ලවන ඉහළ තරගකාරීත්වය හා මිල අඩු කිරීමේ අභියෝගයන් හමුවේ මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්ධනය තවමත් අස්ථාවර තත්ත්වයක ඇති බවද ඒ මහතා අවධාරණය කළේය.

යුරෝපා සංගමය වැනි ප්‍රධාන වෙළෙඳපොළවල ආනයනයන් ස්ථාවර මට්ටමක පවතින බව මෙහිදී පෙන්වා දුන් ජැෆර්ජි මහතා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි වෙළෙඳපොළවල වාර්ෂික ප්‍රගතියේ වර්ධනය පිළිබඳව ද සඳහන් කළේය. ශ්‍රී ලංකාවට නැවතත් සුවිශේෂී වෙළෙඳ සන්නාම ආකර්ෂණය කරගැනීම සාර්ථක කර ගැනීමට කර්මාන්ත මට්ටමින් සිදු කළ සාමූහික කැපවීම හේතුවක් වූ බව ද පෙන්වා දුන් ඒ මහතා “වෙනස් වන ගෝලීය තත්ත්වයන් තුළ අපගේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ සහයෝගය මෙන්ම උපාය මාර්ගික නවෝත්පාදනයන් අත්‍යවශ්‍ය වනවා” යනුවෙන් ද පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ “IMF වැඩසටහන හා ණය

ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වැනි දේශපාලනික කරුණු හා ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් JAAF හි උපදේශනවලට අභියෝග එල්ල කරනවා. මෙම වසර තුළ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයන් ලෙස SVAT යෝජනා ක්‍රමය පවත්වාගෙන යාම, විදුලි ගාස්තු සංශෝධනය, එරාවුර් රෙදි පිළි සැකසුම් කලාප සංවර්ධන ව්‍යාපෘතිය සහ ඉදිරි මාස කිහිපයේදී ඉන්දුනීසියානු රෙදිපිළි යොදා ගනිමින් නිෂ්පාදනය කරන ඇඟලුම් සඳහා තීරුබදු සහනය ලබාදීමේ එක්සත් රාජධානියේ අනුමැතිය හිමි වීම පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටිනවා” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT