Home » ලොව ප්‍රමුඛ ඇඟලුම් සන්නාමයන් සඳහා බ්‍රාකප් ශ්‍රී ලංකාවෙන්
Benji Ltd වෙතින් ඩොලර් මිලියන 35ක ආයෝජනයක්

ලොව ප්‍රමුඛ ඇඟලුම් සන්නාමයන් සඳහා බ්‍රාකප් ශ්‍රී ලංකාවෙන්

by mahesh
February 28, 2025 1:00 am 0 comment

ඉතාලියෙන් ලද ආයෝජක දායාදය Òබෙන්ජී ලිමිටඩ්Ó මෙරට අපනයන ව්‍යවසායන් අතර සුවිශේෂී ආයතනයකි Òබෙන්ජි ලිමිටඩ්Ó කුරුණෑගල දිස්ත්‍රීකයේ බිංගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම ආයතනය පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ඇමරිකානු ඩොලර් මිලියන 35ක් වටිනා ගිවිසුමකට එළැඹුණේ ආයතනය තවදුරටත් පුළුල් කිරීමේ සැලසුමකට අනුවයි. බෙන්ජී සමාගමේ මවු සමාගම ඔනිවර්ස් ගෘප් නම් ඉතාලි සමාගමයි. බෙන්ජි, වසර ගණනාවක් පුරා ලෝකයේ ප්‍රමුඛතම ඇඟලුම් සන්නාම සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ආයතනයකි. ඔනිවර්ස් යනු යුරෝපයේ ඇඟලුම් කර්මාන්තය තුළ ප්‍රමුඛතම සැපයුම් ආයතනයකි. එය ගෝලීය වශයෙන් ඉහළ පෙළේ ඇගලුම් සන්නාමයන් සදහා ප්‍රසිද්ධියක් උසුලයි. කැල්සෙඩෝනියා, ඉන්ටිමිසිමි, ටෙසනිස්, ටෙසනිස් කිඩ්ස්,ෆැල්කොනේරි යනු ලෝක ප්‍රසිද්ධ එකී සන්නාම අතුරින් කිහිපයකි. ඔනිවර්ස් සතුව රටවල් 59කට වැඩි ගණනක වෙළඳසැල් 5,600කට ආසන්න ප්‍රමාණයක් පවති. කැන්සර්ඩෝනියා සමූහ ව්‍යාපාරය නමින් මුල් කාලයේ හැඳින්වූ මෙම බහු සන්නාම සමාගම වර්ෂ 1986 දී ඉතාලියේ වෙරෝනාහි ආරම්භ කරඇත. වර්ෂ 1999 දී මෙම ඉතාලි ව්‍යාපාරික සමාගම ශ්‍රී ලංකාවේ ඇගලුම් අංශයේ ආයෝජනයන් සිදු කළ අතර පසුව එය ඔමේගා ලයින් බවට පත්විය. පසුව බෙන්ජි සිරියෝ ලිමිටඩ් සහ ඇල්ෆා ඇපරල් සමාගම් සඳහාත් ආයෝජන කරමින් ශ්‍රී ලංකාවේ ආයෝජන වර්ධනය කර ඇත.

බෙන්ජි ලිමිටඩ් 2006 කාන්තාවන් සඳහා බ්‍රා කප්, කාන්තා යට ඇඳුම්, නිෂ්පාදනය ආරම්භ කර තිබේ. මෙහි වත්මන් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ජෝර්ජියෝ මොන්ට්‍රෙසර් නව ආයෝජනය පිළිබඳව පවසා සිටියේ Òනව ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී ශ්‍රී ලංකාවේ මානව සම්පත ඉතා වැදගත් බවයි. තරුණ ශ්‍රී ලාංකිකයන් තාක්ෂණය උකහා ගැනීමට ඉතා දක්ෂ බවත්, ඔවුන්ගේ විනය මෙන්ම කාර්යක්ෂමබව ලොව ඉහළම තත්වයට ගතහැකි බවත් පෙන්වා දෙයි.Ó

බෙන්ජි නිෂ්පාදනයන්ගේ විශේෂත්වය වන්නේ ඔනිවර්ස් සමාගමට අනුබද්ධිත ඔමේගා, සිරියෝ, ඇල්ෆා, වවුනියා යන අනෙක් ශාඛා සඳහා ද බ්‍රා කප් නිෂ්පාදනයන් ද බෙන්ජි තුළම සිදුකිරීමයි. බෙන්ජිහී නිෂ්පාදන සහය සාමාන්‍යාධිකාරී සහන් පෙරේරා ඒ පිළිබඳව පැවසුවේ Ò 2024 වර්ෂයේදී බ්‍රා කප් මිලියන 32 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයන්වලින් 40%ක් දේශීයවත්, 60%ක් චීනය, ඉතාලිය, ඉන්දුනීසියාව වැනි රටවල්වලින් ලබාගන්නවා. මෙම නව ආයෝජනය නිසා වාර්ෂිකව මිලියන 40කට ආසන්නව බ්‍රා කප් නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනවා.Ó

නව ආයෝජනයේ ප්‍රධාන අරමුණ වන්නේ චීනයෙන් බ්‍රා කප් ආනයනය කිරීම අවම කිරීමයි. ණය නොවන ප්‍රාග්ධනය (Equity Capital) ලෙස මෙවැනි ආයෝජන ලැබීම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ආර්ථිකයටද මහත් පිටුබලයකි. නව ආයෝජනය නිසා චීනයෙන් බ්‍රා කප් ආනයනය අවම කිරීමට හැකි වීම දේශීය ආර්ථිකයට දෙවැදෑරුම් ප්‍රතිලාභයන් ගෙන දෙයි. ඒ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සහ අපනයන වැඩිකිර ඩොලර් ආදායම වැඩි කිරීමයි.

නව තාක්ෂණික යන්ත්‍රෝපකරණ යොදා ගෙන සිදු කරනු ලබන මෙම නිෂ්පාදනයන් සඳහා බොහෝ පිරිසක් සිය ශ්‍රමයෙන් දායකත්වය සපයයි. අක්කර හය හමාරක පමණ විශාල භූමි භාගයක පිහිටි මෙම ආයතනයෙහි සේවක සේවිකාවන් 3300කට ආසන්න ප්‍රමාණයක් රැකියාවේ නිරතවේ. බෙන්ජි සමාගම නව ආයෝජනය හරහා තවත් රැකියා අවස්ථා ගණනාවක් බිහි කිරීමට අපේක්ෂා කරයි. ප්‍රදේශයේ රැකියා වියුක්තිය අවම කිරීමටත්, ආදායම් මට්ටම් ඉහළ නැංවීමටත් මෙමඟින් අවකාෂ සැලසෙනු ඇත. පසුගියදා පැවැති මාධ්‍ය හමුව අමතමින් බෙන්ජී ලිමිටඩ් ආයතනයේ මානව සම්පත් සමාන්‍යාධිකාරි කපිල සංජීව මහතා පවසා සිටියේ,

“ප්‍රධාන වශයෙන් බෙන්ජි සමාගමේ නිෂ්පාදන කරන්නේ මැසීම සහ බ්‍රා කප් සැකසීමේ අංශ දෙක තුළයි. මෙම ක්‍රියාවලි දෙකට අදාළ නිෂ්පාදන කටයුතු බෙන්ජි තුළ සිදුවෙනවා. මැසීමේ අංශයේ ක්‍රියාත්මක වෙන්නේ එක් වැඩ මුරයක් පමණයි. ඒ උදේ 8.30 සිට සවස 5.30 දක්වා. බ්‍රා කප් සැකසීමේ අංශය ප්‍රධාන වැඩමුර දෙකක් ක්‍රියාත්මක වෙනවා. උදේ 6.00 සිට දවල් 2.00 සහ දවල් 2.00 සිට රාත්‍රී 10.00 දක්වා. එසේ කිරීමට සිදුවී තිබෙන්නේ අප ආයතනයට අනුබද්ධව තිබෙන පෙර කී අනෙකුත් ආයතනවල බ්‍රා නිෂ්පාදනය සඳහා අවශ්‍ය බ්‍රා කප් සැකසීම මෙම ආයතනය තුළදී සිදුකිරීමයි. මම Garment ක්ෂේත්‍රයේ වැඩි කාලයක් කටයුතු කිරීමෙන් පසුවයි බෙන්ජි ලිමිටඩ් සමඟ එක්වුණේ ඒ හැම ආයතනයටම වඩා බෙන්ජී වැඩපරිසරය සේවක හිතකාමියි.Ó

සිය සේවාදායකයින්ගේ සුභසාධනය සඳහා බෙන්ජි ආයතනය විශාල කාර්ය භාරයක් ඉටුකරනු ලබයි. සේවක සේවිකාවන් සඳහා නොමිලේ ආහාරපාන ලබාදීම, ගමනාගමන පහසුකම් සැපයීම, පැමිණීමේ දීමනා කිහිපයකි. නොකඩවා අවුරුද්දක් පාසා සේවයට වාර්තා කළ සේවක සේවිකාවන් වෙනුවෙන් අවුරුද්දට වරක් රන් කාසියක් ලබා දෙමින් ඔවුන් දිරිගැන්වීමද ආයතනය මඟින් සිදු කරන සුවිශේෂී කටයුත්තකි.පසුගිය වසරේදී පමණක් පුද්ගලයන් 280 දෙනෙකු රන් කාසි ජයග්‍රහණය කර තිබේ. සේවක මානසික සෞඛ්‍ය ඉහළ දැමීම සඳහා මනෝ උපදේශන සේවා පවත්වා ගෙන යෑමද ආයතනය මඟින් සිදු කරන තවත් එක් වැදගත් කාර්යභාරයකි. එහිදි තම පෞද්ගලික ගැටලුවලට පවා විසඳුම් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ.

එක් සේවක මහත්මියක් මෙසේ අදහස් දැක්විය. “මම 2009 දී තමයි බෙන්ජි ආයතනයත් එක්ක එකතු වුණේ. දැනට අවුරුදු දහසයක් පමණ වෙනවා ආයතනය තුළ සේවය කරන්න පටන් අරන්. ආයතනය මඟින් අපට ගොඩක් ලොකු පහසුකම් ප්‍රමාණයක් සලසනවා. කෑම බීම, ප්‍රවාහන පහසුකම්, පැමිණීමේ දීමනා, ණය පහසුකම් ආදී විදිහට. ඒ වගේම අපිට අවුරුද්දට දෙපාරක් බෝනස් එකකුත් ලැබෙනවා. මම කියන්න කැමතියි බෙන්ජි කියන්නේ පින්බිමක්”

ඉන්දීවරී පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT