Monday, April 21, 2025
Home » මේ ආණ්ඩුව වට්ටන එක හීනයක් – ජනපති අනුර කියයි

මේ ආණ්ඩුව වට්ටන එක හීනයක් – ජනපති අනුර කියයි

by chanaka
February 28, 2025 6:12 pm 0 comment

ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැ ගෙන මෙම ආණ්ඩුව වට්ටන බවට කවුරුන් හෝ සැලසුම් කරන්නේ නම් එය සිහිනයක් පමණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තු සභාගර්භයට අද (28) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා සභාව ඇමතීම සිදු කළේය.

ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වී තිබෙනව බවත්, ජනතාව බයෙන් ජීවත්වන බවත් පවසමින් ආණ්ඩුව ඉල්ලා අස් වී වෙනත් පාර්ශවයකට රට භාර දිය යුතු බවට පසුගිය කාලය පුරාවට ඇතැම් දේශපාලඥයින් මත පළ කළ බවයි.

කෙසේ නමුත් ආණ්ඩුවට එරෙහිව නව තුරුම්පු සොයා ගන්නා ලෙසද ජනාධිපතිවරයා විපක්ෂයට දැනුම් දීමක් සිදු කළේය.

“මාර්තු මාසය වෙනකොට ආර්ථික විශාල අර්බුදයකට පත් වෙනවා. මාර්තු මාසයේ යළි ආණ්ඩු වලබා ගන්න පුළුවන් අර්බුදය නිසා කියලා බොහෝ අය පුවත් නිර්මාණය කරන්න පටන් ගත්තා, හැබැයි අද ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත තුන්වන සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරනවා. ඉතාම සුබදායී ප්‍රතිඵලයක් ඒවි, ආර්ථීකයේ ඉතාමත් ස්ථාවර තත්වයට අපි ගමන් කරමින් ඉන්නවා. ඉන් පසුව වාහන ආනයනය විවෘත කළාම විශාල ලෙස ඩොලරයට තෙරපුමක් එයි , ඒ හරහහා ඩොලරය රටට දරාගත නොහැකි මට්ටමින් ඉහළට යාවි කියලා බලාපොරොත්තුවක් තිබ්බා නමුත් මම හිතන්නෙ දැනට ඩොලර් මිලියන 117ක පමණ lc විවෘත වෙලා තියෙනවා. ඉතින් ඩොලරයේ අගය තිබුණාටත් වඩා අඩුවෙමින් තියෙනවා. ඒ නිසා ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැ ගන්න පුළුවන් කියලා ඒක අවසන් දැන්. ” යනුවෙන් ද ජනාධිපතිවරයා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT