2025 වසරේ ගතවූ මුල් මාස 2ක කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 162 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
මේ අතර, ඊශ්‍රායල නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා සුදුසුකම් ලැබූ දාහතර දෙනෙකු (14) වෙනුවෙන් අද (28) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ගමන් බලපත්‍ර ලබා දීම සිදු වුණි. මෙම පිරිසට අතර කාන්තා රැකියාලාභීන් එකොලොස් දෙනෙකු සහ පිරිමි රැකියාලාභීන් තිදෙනෙකු ඇතුලත්වේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකරන්නේ ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 2,052 දෙනෙකු සඳහා මේ අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවී තිබේ.
නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරට යමින් යුරෝපානු හා නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රමිකයින් යොමුවීමේ ප්‍රවණතාවයක්ද පසුගිය වසර කිහිපයේ ඇතිවෙමින් පවතින අතර, ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමටද ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතී.