153
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පසුගියදා පැවති දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් දිනාගත් වික්නරාජ් වක්ෂන් පිළිගැනිමේ උත්සවයක් ඔහු උපන් තලවකැලේ මිලිල්ටන් වතුයායේදි ඊයේ පැවැත්විණි.
වතු කම්කරු පවුලක උපන් වික්නරාජ් වක්ෂන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා අංශයේ සේවය කරන අතර, ඔහු ඉස්ලාමාබාද්හිදී කිලෝමීටර් 10ක දුරක් විනාඩි 38 තත්පර 56ක කාලයකදී නිම කර පළමු ස්ථානය දිනා ගත්තේය. තරගාවලියෙන් පසු දිවයිනට පැමිණි වික්නරාජ් වක්ෂන්ව ඔහුගේ මවුපියන්, ඥාතින්, වතු අධිකාරිය සහ වතු කම්කරුවෝ එක්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
හැටන් – රංජිත් රාජපක්ෂ