Home » සුලෝහිත සංග්‍රාමය බලන්න ගුවන්යානා 6කින් කොළඹට

සුලෝහිත සංග්‍රාමය බලන්න ගුවන්යානා 6කින් කොළඹට

by sachintha
February 27, 2025 1:55 am 0 comment

කොළඹ එස්එස්සී පිටියේදී හෙට සිට දින තුනක් පැවැත්වීමට සුදානම් කොට ඇති ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ආදි ආනන්දීයන් සහ ආදි නාලන්දීයන් ලන්ඩන් නුවර සහ මෙල්බර්න් නුවර සිට ගුවන්යානා 6කින් මෙරටට පැමිණෙයි.

එහි පළමු ගුවන්යානා දෙක ලන්ඩන් සහ මෙල්බර්න් සිට ඊයේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අතර අද දින අනෙක් යානා 4 පැමිණීමට නියමිතය. මෙල්බර්න් සිට මෙරටට පැමිණි ගුවන්යානයේ නියමුවන් ලෙස ආදි නාලන්දීයකු වන කපිතන් නාමල් ප්‍රනාන්දු සහ ආදි ආනන්දියකු වන හර්ෂ විජේවර්ධන යන මහත්වරු එක්ව සිටීමද විශේෂත්වයක් විය.

මෙවර සුලෝහිත සංග්‍රාමයේදී කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම ආශින්ස නයිනායක මෙහෙයවන අතර, නාලන්දා කණ්ඩායමේ නායකයා ලෙස සදෙව් සමරසිංහ කටයුතු කරයි. දිවංගත ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය වාර්ෂිකව 94 වතාවක් පැවති අතර, එයින් තරග 12ක් ආනන්ද විදුහල හා තරග 7ක් නාලන්දා විදුහල ජය හිමිකර ගත්හ.

ආනන්ද විදුහල 2003 වසරේදී ඩී. කුලරත්නගේ නායකත්වයෙන් හා නාලන්දා විදුහල 2022 වසරේදී දිනෙත් සමරවීරගේ නායකත්වයෙන් අවසන්වරට ජය වාර්තා කර ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT