Monday, April 21, 2025
Home » වගා නොකළ ඉඩම් වගා කිරීම ඇහැටුවැවදීත්

වගා නොකළ ඉඩම් වගා කිරීම ඇහැටුවැවදීත්

by sachintha
February 27, 2025 1:23 am 0 comment

වගා නොකරන ලද ගොඩ මඩ ඉඩම් යළි වගා කිරීම සඳහා වූ වැඩසටහන ආරම්භ කිරීම සහ ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමක් ඇහැටුවැව ගොවිජන සේවා බල ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමත්, අඛණ්ඩව ආහාර සංචිතයක් රට තුළ පවත්වාගෙන යාමත්, දේශීය ආහාර පාරිභෝජනයට අමතරව කෘෂි භෝග නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීමත් සඳහා වගා නොකරන ලද ගොඩ ඉඩම් සහ මඩ ඉඩම් වගා කිරීම මෙලෙස ආරම්භ විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් හා ප්‍රදේශයේ ජනතාව ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නිකවැරටිය – ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT