Home » අවුරුදු 4ක් තිස්සේ විනාශමුඛයේ
තලපත්පිටිය ළමා උද්‍යානය සල්ලාලයන්ගේ රජදහනක් වෙලා

අවුරුදු 4ක් තිස්සේ විනාශමුඛයේ

by sachintha
February 27, 2025 2:11 am 0 comment

මීට වසර 9කට පෙර ඉදිකෙරුණු මහරගම ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට ගමන් ගන්නා මාර්ගයේ පිහිටා තිබෙන ‘තලපත්පිටිය ළමා උද්‍යානය’ වසර 4ක සිට දරුවන්ගේ සොඳුරු ක්‍රියාකාරකම් වෙනුවට විවිධ අකටයුතුකම් කරන්නවුන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබේ.

සවස් කාලයේ විවෘතව තිබෙන ගේට්ටුවෙන් ඇතුළු වන විවිධ පුද්ගලයන් පසුදා පහන් වනතුරු මෙම ස්ථානයේ ගත කිරීම හේතුවෙන් ළමා උද්‍යානයක් වුවත් දරුවන්ට නුසුදුසු ස්ථානයක් බවට මෙම ස්ථානය පත් වෙමින් පවතී. වසර 4ක පමණ කාලයක සිට ළමා උද්‍යානයට අත්ව තිබෙන මෙම ශෝචනීය තත්ත්වය සම්බන්ධයෙන් තලපත්පිටිය කොට්ඨාස සභාවේ සභාපති චලන වනිගබදු මහතා ඇතුළු කිහිප දෙනෙක් ඉකුත් 13 වැනි දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය කළහ. සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවැත්විණි. මෙම අවස්ථාවේ, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශාන්ත කුරුණේරු මහතා සඳහන් කළේ, ළමයින්ගේ ක්‍රියාකාරකම් සඳහා සුදුසු ස්ථානයක් බවට මෙම ළමා උද්‍යානය පරිවර්තනය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

මහරගම – උදේනි චන්ද්‍රසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT