Wednesday, April 23, 2025
Home » නීලගිරි මහ සෑයේ කැණීම්වලදී හමුවූ පුරාවස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට

නීලගිරි මහ සෑයේ කැණීම්වලදී හමුවූ පුරාවස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට

by sachintha
February 27, 2025 1:09 am 0 comment

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල, නීලගිරි මහ සෑයේ කැණීම්වලදී හමුවී මෙතෙක් අම්පාර දිසාපති කාර්යාලයේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කොට තිබූ පුරාවස්තු (පළිඟු කරඬු02, පළිඟු කරඬු කොටස් 02, පළිඟු කොටසක්) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා කේ.ජී.කේ. කුරුප්පු මහත්මිය ඇතුළු කණ්ඩායමකට ඉකුත්දා භාර දෙන ලදි.

2023 වර්ෂයේ අම්පාර දිසාපති කාර්යාලයට භාරගත් මෙම පුරාවස්තු නැවත පුරාවිද්‍යා භාරයට ගනු ලැබූ, අවස්ථාවට අම්පාර දිසාපති චින්තක අභය වික්‍රම, සහකාර දිසාපති චාමර ජයතිලක යන මහතුන් මෙන්ම නීලගිරි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පියනන්ද හිමියන් ද රාජ්‍ය නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.

අම්පාර සමූහ – රවින්ද්‍ර මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT