Home » ලක්ෂ 120ක ‘කුෂ්’ සමඟ කටුනායක ඉන්දීය කතක් ගුවන්තොටේදී දී මාට්ටු

ලක්ෂ 120ක ‘කුෂ්’ සමඟ කටුනායක ඉන්දීය කතක් ගුවන්තොටේදී දී මාට්ටු

by sachintha
February 27, 2025 1:08 am 0 comment

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා Òකුෂ් Ò මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් ඊයේ (26) අලුයම, කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය 38 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි. ඇය තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන හොංකොං නුවර වෙත ගොස් එතැන් සිට ඊයේ (26) අලුයම 12.00ට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ, රසකැවිලි අඩංගු පැකට් කිහිපයක් තුළ මෙම Ò කුෂ් Ò මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 200ක ප්‍රමාණය සඟවාගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගී කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT