Home » බදුල්ල උසාවියෙන් නිදහස් කළ කිරි ගවයින්හේ මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙයි

බදුල්ල උසාවියෙන් නිදහස් කළ කිරි ගවයින්හේ මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙයි

by sachintha
February 27, 2025 1:07 am 0 comment

 

 

බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කළ කිරි ගවයන් හයදෙනෙකු ගොවීන්ට බෙදාදීම බදුල්ල – කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙණේ විහාරාධිපති කනවැරුල්ලේ හේමාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පොලීසියේදි ඉකුත් 24 වැනිදා සිදුකළේය.

බලපත්‍ර නොමැතිව සත්ත්ව හිංසනය යටතේ නීති විරෝධීව බදුල්ලේ ගව ඝාතකාගාරයකට මස් කිරීමට ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා කිරිගවයන් හයදෙනකු හා සැකකරුවන් සිව්දෙනෙකු සමඟ ලොරියක් මෙයට මාසයකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු අධිකරණයෙන් පොලීසියට නිදහස් කළ ගවයන් හයදෙනා හේමාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගොවීන්ට බෙදා දීම සිදුවිය.

මහියංගණ, පගරගම්මන ප්‍රදේශයේ සිට බදුල්ල දක්වා ගවයන් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නොමැතිවීම, සත්ව හිංසනය ඇති වන අයුරින් ප්‍රවාහනය කිරීම, සතුන්ගේ හිමිකරුවන් නොමැතිවීම සහ පොලීසියට අනිසි බලපෑම් කිරීම යන චෝදනා මත සැකකරුවෝ සහ ගවයින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතුන් පොලීසියට නිදහස් කර තිබේ.

ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල පොලීසිය විසින් සතුන් කනවැරුල්ලේ හේමාලෝක හිමියන්ට භාරදීමෙන් පසු ගොවීන් වෙත නිදහස් කර තිබේ.

ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT