මාවනැල්ල මුරුතවෙල ප්රදේශයේ පුද්ගලයකු තම නිෙවසට ඉන්ධන දමා ගිනි තැබීමෙන් තිදෙනෙකු පිලිස්සුම් තුවාල ලබා පෙරේදා (25) අලුයම රෝහල්ගත කර ඇතැයි මාවනැල්ල පොලීසිය පවසයි.
මාවනැල්ල මුරුතවෙල ප්රදේශයේ 57 හැවිරිදි පස්දරු පියකු මෙලෙස තම නිවෙසට ගිනි තබා ඇතැයි පොලීසිය පවසයි. වැඩිමහල් දියණිය විවාහ වී වව්නියාව ප්රදේශයේ වෙනම පදිංචිව සිටින බවත් පවසන පොලීසිය සෙසු දරුවන් බිරිය සමඟ ජීවත් වෙමින් සිටින බව පවසයි. පස්දරු පියා ඉකුත් 24 වැනිදා රාත්රි 11.00 ට පමණ ඉන්ධන කෑන් එකක් රැගෙන නිෙවසට පැමිණ තිබේ. පසුව බිරිය හා දරුවන් සිවුදෙනා අසල්වැසි නිෙවසකට දිව ගොස් තිබේ. පසුව පස්දරු පියා නිවෙස ඇතුළතට හා පිටතට ඉන්ධන හලා ගිනි තබා තිබේ.
අසල්වැසි නිෙවසකට දිවගොස් සිටි පිරිමි දරුවකු නිෙවසට පැමිණෙමින් සිටි අවස්ථාවේ දී පස්දරු පියා පිරිමි දරුවාගේ ශරීරයට ඉන්ධන හලා තිබේ. පසුව ඔහුගේ ශරීරය ගිනි ගනිමින් තිබුණු අවස්ථාවේ දී තවත්, අසල්වැසි නිවෙසක පුද්ගලයෙක් පැමිණ පිරිමි දරුවා බේරා ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහුගේ කකුල් දෙක පිලිස්සී තිබේ. ගින්නෙන් ගෙහිමියා ද පිලිස්සුම් තුවාල ලබා ඇති බවත් පොලීසිය පවසයි. පිලිස්සුම් තුවාල ලැබූ තිදෙනාම මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
නිෙවසේ තිබුණු බඩු මුට්ටු, පාසල් දරුවන්ගේ පොත් පත්, ඇඳ ඇතිරිලි පාපැදි දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවත් පොලීසිය පැවසීය. පසුව පස්දරු පියාගේ බිරිය 119 හදිසි දුරකතන අංකයට කරන ලද ඇමතුමකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
විමර්ශනය සිදු කරන ලද මාවනැල්ල පොලීසියට අනාවරණය වී ඇත්තේ මාවනැල්ල, මුරුතවෙල ප්රදේශයේ පස්දරු පියා තදින්ම මත්පැන් පානය කිරීමට පුරුදුව ඇති බවයි. බිරියට නිතරම හිරිහැර සිදු කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත. පසුව බිරිය මාවනැල්ල පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය මාවනැල්ල අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ගෙහිමියාට නිවෙසට ඇතුළු වීම තහනම් කර නියෝගයක් ද සිදු කර තිබී ඇත. එම නියෝගය නොතකා ද ඉකුත් 24 වැනිදා රාත්රි නිවෙසට ඇතුළු වී ඉන්ධන හලා ගිනි තබා ඇත. නිෙවසට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති බවත් පොලීසිය පැවසීය.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්