හිංසනයෙහි වින්දිතයන් බවට පත්වුණු කාන්තාවන් සඳහා ආරක්ෂාව සැපයීමට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව පවත්වාගෙනයන තාවකාලිකව රැකවරණ නිවාස ජාලය පුළුල් කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. මේ වනවිට දිස්ත්‍රික්ක දහයක තාවකාලික රැකවරණ නිවාස පවත්වාගෙනයන අතර මේ වසරේ ජනවාරි මාසයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව රැකවරණ නිවාසයක් ස්ථාපිත කර තිබේ.
ඊට අමතරව තවත් දිස්ත්‍රික්ක කිහිපයක කාන්තාවන් වෙනුවෙන් තවත් රැකවරණ නිවාස ඇති කිරීමට අමාත්‍යංශය සැලසුම් කර තිබේ. මෙම නිවාසවල පරිපාලන කටයුතු හා වියදම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හා රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව දරනු ලබයි. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හමුවේ හිංසනයට පත් වින්දිත කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් රැකගැනීම රජයේ වගකීමක් ලෙස සලකා මෙම නිවාස පවත්වාගෙන යන බව කාන්තා කටයුතු ඇමැතිනි සාවිත්‍රි පෝල්රාජා මහත්මිය පැවසුවාය.
නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා ඉදිකළ නව රැකවරණ නිවාසය දැනට රජය යටතේ පවත්වාගෙන යන රැකවරණ නිවාස ජාලයට ඇතුළත් කර ගැනීම සඳහා ඇමැතිවරිය කැබිනට් පත්‍රිකාවක් ද ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
පසුගියදා ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව ඉදිරියේදී කාන්තාවන් වෙනුවෙන් මෙම නිවාස ජාලය තවදුරටත් පුළුල් කරන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
දුලක්ෂි උඩගෙදර