107
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නම අවභාවිත කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බැවින් කිසිදු ගිණුමකට මුදල් බැර නොකරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා බලපත්‍රධාරීන්ගෙන් ඉල්ලා සිටියි. තමා ලෙස පෙනී සිටිමින් කිසියම් පුද්ගලයකු බලපත්‍රධාරීන් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් ඇති බවද හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමාගේ නම භාවිත කරන කිසිදු තැනැත්තකුට මුදල් ලබා නොදෙන ලෙසත් හෙතෙම අවධාරණය කර සිටියි. පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයකට මුදල් තැන්පත් කරන ලෙස මේ ජාවාරම්කරු ඉල්ලා ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
සුභාෂිණී සේනානායක