Home » සී/ස ලංකා රෙස්ට් හවුසස් සමාගම විසුරුවයි වත්කම් නාගරික සංවර්ධන අධිකාරියට

සී/ස ලංකා රෙස්ට් හවුසස් සමාගම විසුරුවයි වත්කම් නාගරික සංවර්ධන අධිකාරියට

-ජාතික විගණන කාර්යාලය නිර්දේශ කරයි

by sachintha
February 27, 2025 12:51 am 0 comment

 

තානායම් 32ක පරිපාලනය සිදු කරන සී/ස ලංකා රෙස්ට් හවුසස් සමාගම විසුරුවා හැර එහි වත්කම් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගත යුතු බව ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 08කින් ද සෙසු කාර්ය මණ්ඩලය 15කින් ද පමණක් සමන්විත සමාගමේ වාර්ෂික මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 30.29කි. එහෙත් පරිපාලන වියදම රුපියල් මිලියන 36.08ක්ව ඇත.

ආදායමට වඩා වැඩි පරිපාලන වියදමක් සමාගම විසින් දරා ඇති අතර එම සමාගමේ වාර්ෂික අලාභය රුපියල් මිලියන 2කි. මේ අනුව තානායම් 32ක පරිපාලන කටයුතු පමණක් සිදුකිරීම සඳහා වෙනම සමාගමක් ඇති කිරීම ආර්ථිකමය වශයෙන් කෙතරම් ඵලදායී ද යන්න ගැටලු සහගත වන බව ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT