Sunday, April 20, 2025
Home » ලේක්හවුස් දැන්වීම් කළමනාකරු එරන්ද එදිරිමාන්නගේ නැන්දණිය අභාවප්‍රාප්ත වෙයි

ලේක්හවුස් දැන්වීම් කළමනාකරු එරන්ද එදිරිමාන්නගේ නැන්දණිය අභාවප්‍රාප්ත වෙයි

by sachintha
February 27, 2025 1:00 am 0 comment

බණ්ඩාරගම, වීදාගම, බොලබොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික පාඨශාලාචාරිනී කේ.ඩී. රත්නවතී මහත්මිය අවුරුදු 84ක් ආයු වලඳා අභාවප්‍රාප්ත වූවාය.

වී අලෙවි මණ්ඩලයේ සේවය කළ අභාවප්‍රාප්ත යූ.එල්. සිරිසේන මහතාගේ ආදරණීය බිරිය වූ ඇය ‘දිනමිණ’ පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙසත් ‘සිළුමිණ’ පුවත්පතේ නියෝජ්‍ය ව්‍යාපාර කර්තෘවරියක ලෙසත් සේවය කළ චන්දිමා එදිරිමාන්නගේ හා පිළියන්දල මහජන බැංකුවේ නියෝජ්‍ය කළමනාකාරිණිය වන තනූජා ප්‍රියදර්ශනීගේ මව වන අතර ලේක්හවුස් ආයතනයේ දැන්වීම් කළමනාකරු (ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන) මෙන්ම ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ පාඨමාලා සම්බන්ධීකාරක එරන්ද එදිරිමාන්නගේ හා බණ්ඩාරගම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ශාන්ත සූරියාරච්චි යන අයගේ ආදරණීය නැන්දණිය ද වූවාය.

දේහය පිළිබඳ අවසන් කටයුතු 2025 පෙබරවාරි 28 වැනි දින (සිකුරාදා) බණ්ඩාරගම, වල්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය මහජන ගෞරව සඳහා නිවසේ තැන්පත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT