පෑලියගොඩ රබර් භාණ්ඩ සංවර්ධන හා සේවා මධ්‍යස්ථානයේ වූ රබර් ආශ්‍රිත යන්ත්‍රෝපකරණ 64න් යන්ත්‍ර 26ක්ම අක්‍රියව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
මෙහි සමහර යන්ත්‍ර වසරක කාලයක සිට අක්‍රියව පවතියි. තවත් සමහර යන්ත්‍ර වසර 39ක කාලයක් තිස්සේ අක්‍රියව පවතියි. මීට අමතරව රුපියල් 85,560ක් වටිනා කොම්ප්‍රෙෂර් යන්ත්‍රය ද (compressor) 2017 වසරේ සිට භාවිතයෙන් තොරව ගබඩාවේ පවතියි. ගබඩාවේ තවත් අමුද්‍රව්‍ය වර්ග 17ක් හා යන්ත්‍ර අමතර කොටස් වර්ග 284ක්, වසර 1 හා 17 අතර කාලයක් තුළ භාවිතයෙන් තොරව නිෂ්කාර්යව පවතින බව ද එම වාර්තාවේ දැක්වෙයි.
නිෂ්කාර්යව පවතින යන්ත්‍රසූත්‍ර, අමුද්‍රව්‍ය හා අමතර කොටස් බැහැර කිරීමට භාණ්ඩ සමීක්ෂණ කමිටුවට යොමු කොට ඇතැයි ද උපදේශක කමිටුවක් පත්කොට ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බව ද කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් විගණනයට අදහස් දැක්වා තිබේ.
එසේම මෙහි රබර් ආශ්‍රිත නිෂ්පාදනවල ගුණත්වය වැඩිදියුණු කිරීම, නාස්තිය අවම කිරීම, නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම හා නිෂ්පාදන පිරිවැය අවම කිරීම, සුළු හා මධ්‍ය මට්ටමේ කර්මාන්තවල භාවිතයට හඳුන්වාදීම හා දිරිගැන්වීම ආදී අරමුණු පෙරදැරිව රබර් ඉන්ජෙක්ෂන් මෝල්ඩිං යන්ත්‍රයක් 2016 වර්ෂයේ රුපියල් 9,318,026ක මුදලකට මිල දී ගෙන තිබේ.
එමඟින් පුහුණුලාභීන් 323 දෙනකුට පමණක් පුහුණුව දී ඇති අතර 2020 වර්ෂයේ සිට 2024 වර්ෂයේ විගණිත දින දක්වා යන්ත්‍රය ක්‍රියාකාරී මට්ටමකින් තොරව නිෂ්කාර්ය ඌන උපයෝජිත දේපළක්ව පවතින බව ද එම වාර්තාවේ සඳහන්ව ඇත.
රන්මලී සෝමසිරි