ශ්‍රී ලංකා – සෞදි අරාබියානු මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් Òසෞදි නූර් ස්වෙච්ඡා ව්‍යාපෘතියÓ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල රජයේ රෝහලේ දී ක්‍රියාත්මක කිරීමට සෞදි අරාබියානු රජය පියවර ගෙන තිබේ. ඒ අනුව අන්ධභාවය සහ එයට හේතුවන රෝග මර්දනය කිරීම වෙනුවෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන අතර රෝගීන් දහස් ගණනකට සැත්කම් කිරීම,ඔවුන්ට වෛද්‍ය සේවා සැපයීම, ඖෂධ, ඇස් කණ්ණාඩි සහ කාච ලබාදීම සහ සෞඛ්‍යය දැනුවත්භාවය ලබාදීම ඇතුළත් බවද එය පසුගිය 18දා සිට 23දා දක්වා වලස්මුල්ල ප්‍රදේශයේදී පැවැති බව ද ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාර්යාලය පවසයි.
මේ ව්‍යාපෘතිය සහන සහ මානුෂීය කටයුතු සඳහා වූ සෞදි අරාබියාවේ සල්මාන් රජුගේ මධ්‍යස්ථානය සංවිධාන කළ ව්‍යාපෘතිවල දිගුවක් වන අතර මේ මධ්‍යස්ථානය පසුගිය වසරවලදී ශ්‍රී ලංකා ජනරජයේ විවිධ ප්‍රදේශවල ස්වේච්ඡා ව්‍යාපාර කීහිපයක් සංවිධාන කර ඇති බැවින්, අවසන් වරට “2024 නොවැම්බර් 3 සිට 16 දක්වා කාලයේ නැඟෙනහිර ශ්‍රී ලංකාවේ “වලස්මුල්ල” සහ “කාත්තන්කුඩි” යන ප්‍රදේශවල පවත්වා තිබේ.
මහින්ද අලුත්ගෙදර