අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් විදේශයන්ගෙන් ලැබෙන වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.8කට වඩා අඩු නම් බදු අය නොකරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය.අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ඩොලර් ආදායම් ලබන්නන් සහ විදේශ ආදායම් ලබන්නන්ට සියයට පහළොවක බදු පැනවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
රජය කිසිම පහසුකමක් අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන් සඳහා ලබා නොදී 15% බද්දක් පැනවීම දැඩි අසාධාරණයක් බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ විසින් කරන ලද විරෝධයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.
“පට ඡන්ද නොදීපු, අපිත් එක්ක හිටපු නැති, අපිත් එක්ක සාකච්ඡා නොකළ ගොඩක් අය සේවා බද්ද ගැන ලොකු අවධානයක් යොමු කර තියෙනවා.ලංකාවේ සේවා පද්ධතිය බදු ක්‍රියාවලියට ඇතුළත් වුණේ නැහැ.අපි ඉන්නේ ඇතැම් ක්ෂේත්‍රයන්ට සහන ලබාදිය යුතුයි කියන තැන.ඒ ක්ෂේත්‍ර වර්ධනය කිරීමටයි.නමුත් අපි දැන් ඉන්නේ අයි එම් එෆ් එකඟතාවන්වලයි. ඒ එකඟතාවන් ඇතුළේ ගිය අවුරුද්දේ එකඟතාවක් ඇවිත් තිබෙනවා සියයට තිහක් බදු ක්‍රියාවලිය ඇතුළට ගේන්න. නමුත් අපි සාකච්ඡා කර මේක සීයට පහළොවකට අඩු කර ගත්තා.
ඔබට විදේශයන්ගෙන් ලැබෙන වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.8කට වඩා අඩු නම් කොහොමටත් බදු නැහැ. එතැනින් එහාට යනවිට 6% සහ 12% වගේ මට්ටම්වලින් බදු අය වෙන්නේ ආදායම් වැඩිවීම අනුවයි ඔබ අනාගතයේ බිලියන ගණනක විදේශ ආදායමක් රටට ගෙනාවත් ඔයාට බදු ගෙවන්න වෙන්නේ 15%යි.අනිත් කර්මාන්තවල අය 30%ක් බදු ගෙවනවා.
විදේශවලට සේවා සපයනවිට මෙහේ බදු අය නොවුණාට ඒ රටවල්වලට බදු ගෙවන්න සිදු වෙනවා. ඒක තමයි ලෝකයේ සම්මතය. ගොඩක් රටවල් දැන් එකඟ වෙලා තිබෙනවා 15%ක අවම බදු ක්‍රමයකට. 15% අවම බදු මට්ටමකට ආවාම අපට පුළුවන් රටක් විදිහට ඔබ රටවල් දෙකක බදු ක්‍රියාවලියට ඇතුළත් වීම නවත්වන්න.
අපේ උත්සාහය අයිටී ක්ෂේත්‍රයේ ශේෂය බිලියන පහක ආදායමක් දක්වා ගේන්නයි. ඩිජිටල් සර්විසස් ලංකාවේ දියුණු කරන්න ප්ලැට්ෆෝම් එකක් අවශ්‍යයි.
උපකරණවලට අයකරන බදු අඩු කරන්න පුළුවන්කමක් නැහැ. බදු නම් කතා කරන්න එපා කියලා තියෙන්නේ. මේ කාරණත් එක්ක රටක් විදියට ඉස්සරහට යන්න උපරිම වියදම් පැත්තෙන් අවශ්‍ය සහාය අපි ඔයාලට දෙනවා. රටේ හැමෝමත් යම්කිසි බද්දක් ගෙවන එක සාධාරණයි කියන එක පෞද්ගලිකව මම හිතනවා. ලංකාවේ දිශානතිය වෙනස් කරන්න පුළුවන් අය-වැයක් පාර්ලිමේන්තුවේ දෙවන වර සම්මත වුණා. අය-වැය පිළිබඳ අවබෝධයක් ගන්න ඔබ අය-වැය පරිශීලනය කරන්න ඕනෑ. රටේ සමස්ත දිශානතිය පිළිබඳව සහ අයිඑම්එෆ් වැඩසටහන ඇතුළේ ඉඳලා අපේ රට යන්න ඕනෑ දිශානතිය පිළිබඳව සහ ජනතාවට දෙන්න ඕනෑ පහසුකම් උපරිමයෙන් ලබා දෙන්නයි මේ අය-වැය ඉදිරිපත් කර තිබෙන්නේ.”
නෙරංජලා වික්‍රමසිංහ