Home » එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන් සහ විපක්ෂ නායක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන් සහ විපක්ෂ නායක අතර හමුවක්

by sachintha
February 27, 2025 1:55 am 0 comment

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගියදා (24) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් දේශීය සම්බන්ධීකාරක Marc Andre Franche සහ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක Patrick Mc Carthy මහත්වරු මේ අවස්ථාවට එක්වූහ. මෙහි දී දෙපාර්ශ්වය අතර ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීමට අවශ්‍ය සහයෝගය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT