මඩකලපුව, කොට්ටමුනේ සහ පුලියන්තිව් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසවල විශේෂ ආහාර සුරක්ෂිතතා පරීක්ෂණ පවත්වන ලදී. අවන්හල්, අයිස්ක්‍රීම් විකුණුම් ස්ථාන සහ ආපණ ශාලා ඇතුළුව ස්ථාන එකොළහක් පරීක්ෂාවට ලක් කරන ලදී.
සෝදිසි මෙහෙයුමේදී වෛද්‍ය නිලධාරියකුගේ වෛද්‍ය සහතිකයක් නොමැතිව ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, නිසි ආරක්ෂිත ඇඳුම් නොමැතිව ආහාර ද්‍රව්‍ය හැසිරවීම, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සහ ආහාර ලේබල් කිරීම උල්ලංඝනය කරමින් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම යන චෝදනා යටතේ නීතිමය පියවර ගෙන ඇත.
මෙම පරීක්ෂාවට දිස්ත්‍රික් අධීක්ෂණ පරීක්ෂක, අධීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගී වූහ.
තවද, ඉදිරියේදී අඛණ්ඩ පරීක්ෂණ සිදුකරන බව මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඊ. උදයකුමාර් මහතා පැවසීය.
මඩකලපුව – ටී.එල්. ජව්ෆර්කාන්