62
කඳුකරය හරහා හමා ගිය දැඩි සුළඟකට හසුව ගම්පොළ, උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුපුරැස්ස බෝමන්ට් වත්ත මධ්‍යම කොටසට අයත් නිවාස දෙකක වහල සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් තිබේ.
මේ සමඟ එම නිවාසවල සිටි පවුල් දෙකකට අයත් සාමාජිකයින් දසදෙනකු ඔවුන්ගේ ඥාතීන්ගේ නිවාසවල තාවකාලිකව පදිංචිව සිටින අතර ඔවුන් ඉල්ලා සිටින්නේ එම නිවාස යළි ඉදිකර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙසයි.
ගම්පොළ – සුරංග දිල්හාන්