Home » රක්ෂිතවල ගිනිතැබීම් පාලනයට හැටන් වන අඩවි කාර්යාලයෙන් දැනුම්වත් කිරීමක්

රක්ෂිතවල ගිනිතැබීම් පාලනයට හැටන් වන අඩවි කාර්යාලයෙන් දැනුම්වත් කිරීමක්

by sachintha
February 27, 2025 1:36 am 0 comment

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ රක්ෂිතවල සිදු කරන ගිනි තැබීම් පාලනය කිරීමට හැටන් වන අඩවි කාර්යාලය විසින් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබ ඇති බව හැටන් වන අඩවි ආරක්ෂක වී.ජේ. රුක්ෂාන් මහතා පැවසීය. පසුගිය දින කිහිපය තුළ ස්වාභාවික රක්ෂිත, වන වගා රක්ෂිත, වනජීවි කලාප සහ ලඳු කැලෑවලට විවිධ පුද්ගලයන් විසින් කරන ලද ගිනි තැබීම් නිසා එම රක්ෂිතවල වෙසෙන සතුන්ට වාසස්ථාන අහිමි වී ඇති බවත්, ජල මූලාශ සිඳීයාම නිසා ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් සහ අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා කියා සිටියේය. රක්ෂිතවලට ගිනි තැබීම් සිදු කිරීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වන බවත්, එසේ ගිනි තබන පුද්ගලයකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගතහොත් රුපියල් ලක්ෂයක දඩ මුදලක් හෝ වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලැබෙන බවත් සඳහන් කරමින් මෙම වැඩසටහන දියත් කර තිබිණි.

 

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT