Sunday, April 20, 2025
Home » කේරළ ගංජා කිලෝ 247ක් සමඟ පුද්ගලයෙක් මාට්ටු

කේරළ ගංජා කිලෝ 247ක් සමඟ පුද්ගලයෙක් මාට්ටු

by sachintha
February 27, 2025 1:33 am 0 comment

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ. පෙරේදා (25) රාත්‍රියේ හලාවත මැරවල ප්‍රදේශයේ දී නවීන පන්නයේ මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී රථයේ පිටුපස මේ කේරළ ගංජා සඟවා තිබී ඇත.

හලාවත ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු මේ ජාවාරම මෙහෙයවන බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ. අත්අඩංගුවට පත්වූ කේරළ ගංජා ජලය ඇතුළට නොයන සේ සකස් කර කිලෝ ග්‍රෑම් දෙකේ පාර්සල් ලෙස කිලෝ 247යි, ග්‍රෑම් 940ක් තිබී ඇත.

අත්අඩංගුවට පත් සැකකරු සමඟ මත්ද්‍රව්‍ය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පුත්තලම දිසා සමූහ – ප්‍රසාද් පූර්ණමාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT