Monday, April 21, 2025
Home » ස්වර්ණ අභිමන් උලෙළේදී සම්මානයට පාත්‍ර වූ නදී රසිකා

ස්වර්ණ අභිමන් උලෙළේදී සම්මානයට පාත්‍ර වූ නදී රසිකා

by sachintha
February 27, 2025 1:01 am 0 comment

ජාතික, ආගමික, සමාජීය, ආදර්ශවත් නායකත්වය, ව්‍යවසායකත්ව ඥානය, නිර්භීතභාවය, ක්‍රීඩාවේ ප්‍රවීණත්වය වෙනුවෙන් තම කාලය සහ ශ්‍රමය නොමසුරුව කැප කිරීම අගයමින් ව්‍යාපාරිකාවක වන නදී රසිකා ජයසිංහ මහත්මියට ‘ස්වර්ණ අභිමන්’ ජාතික ගෞරව සම්මාන උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් හිමි වන ‘ව්‍යාපාර විභූෂණ විශ්ව කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව සම්මානය’ හා ‘ශ්‍රී ලංකා අභිමානී කීර්ති ශ්‍රී ජනරංජන’ ජාතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

මේ සම්මාන උලෙළ ඉකුත්දා (01) බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවැත්විණි.

උතුරුමැද පළාතේ පොලොන්නරුව ගිරිතලේ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නදී විසින් පසුව නිට්ටඹුවට පැමිණ සුම්බා ඇරබික් සම්බන්ධයෙන් south asian and sports science ආයතනයෙන් විධිමත් පුහුණුවක් ලබා ඇත.

ඇය බර එසවීමේ ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ අතර, 2020දී ගම්පහ power fighters ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලබා 2021දී ජාතික සවි එසවීමේ 72 බර පන්තියෙන් රන් පදක්කමක් හිමිකර ගනු ලැබුවාය. 2021දී strong man and women තරගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශක්තිවන්තම කාන්තාව ලෙස රන් පදක්කම ද දිනා ගත්තාය.

මැද කොළඹ සමූහ- ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT