Monday, April 21, 2025
Home » මහවැලි අධිකාරියෙන් දොළකඳ වැව ප්‍රතිසංස්කරණයට පියවර

මහවැලි අධිකාරියෙන් දොළකඳ වැව ප්‍රතිසංස්කරණයට පියවර

by sachintha
February 27, 2025 1:27 am 0 comment

දෙහිඅත්තකණ්ඩිය, දොළකඳ වැව ප්‍රතිසංස්කරණයට මහවැලි අධිකාරිය පියවර ගෙන ඇත.

වික්ටෝරියා ජලාශය ඉදිකිරීමෙන් ඉඩම් අහිමිවූ ගොවි පවුල් 450ක් පදිංචි වී සිටින දෙහිඅත්තකණ්ඩිය නගරය ආසන්නයේ ඇති මේ වැව මේ වන විට ආක්‍රමණික ශාකවලින් පිරී ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

1990දී පදිංචි කරවූ මේ ගොවි පවුල් සඳහා පානීය ජලය දීම මෙන්ම යල මහ ගොවිතැන් කටයුතු ද මේ වැවේ වතුර යොදාගෙන සිදු කර ඇත. වසර තිස්පහකින් පමණ ප්‍රතිසංස්කරණයක් නොකළ මේ වැව නැවත යථා තත්ත්වයට පත්කර දෙන ලෙස එම ප්‍රදේශයේ ජීවත්වන ගොවි පවුල් පසුගියදා මහවැලි ‘සී’ කලාපයේ පැවැත්වූ පුනරුද සතියේදී මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර එච්. එම්. ආර්. හේරත් මහතාගෙන් ඉල්ලා සිටියහ.

මේ පිළිබඳව සලකා බැලූ නේවාසික කළමනාකරු මේ වැවෙන් පෝෂණය වන ගොවි පවුල් 450කට නැවත යල මහ දෙකන්නය සහ ගොඩ වගාවන් කිරීමට දොළකඳ වැව ගොවීන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් සහ මහවැලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ මහවැලියට අයත් යන්ත්‍රෝපකරණ භාවිත කර නැවත ප්‍රතිසංස්කරණය කර දීමට එකඟතාව පළ කරන ලදි. මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමෙන් රජයට අමතර මුදලක් වැය නොවන බව මෙහිදී නේවාසික කළමනාකරු අවධාරණය කර තිබේ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT