Home » අමෙරිකාවේ පුරවැසිභාවය රුපියල් කෝටි 148යි

අමෙරිකාවේ පුරවැසිභාවය රුපියල් කෝටි 148යි

-ට්‍රම්ප්ගෙන් නව වීසා ක්‍රමයක්

by sachintha
February 27, 2025 2:04 am 0 comment

විදේශීය ආයෝජකයන් සහ ධනවත් සංක්‍රමණිකයන් ඉලක්ක කරමින් අමෙරිකාවේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා ඩොලර් මිලියන 5ක මුදලකට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 148ක්) Gold Card නමින් වීසා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට පුරවැසිභාවය ලබාගැනීමේ පහසුම මාර්ගය ලෙස එම වීසා වැඩසටහන EB-5 ලෙස හඳුන්වා දී ඇති අතර, දැනට පවතින Green Card වීසා වැඩසටහන වෙනුවට එය ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. නව වීසා වැඩසටහන මඟින් විදේශීය ආයෝජකයන්ට විශාල මුදලක් වැය කර එරට ස්ථීර නේවාසිකයන් බවට පත්විය හැකි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ‘අප Gold Card වීසා විකුණන්න තීරණය කළා. එය ඩොලර් මිලියන 5ක පමණ මුදලකට අලෙවි කරන්නයි අපේ බලාපොරොත්තුව’ ජනාධිපතිවරයා වාර්තාකරුවන් අමතා එසේ ප්‍රකාශ කළ බව සඳහන් වේ.

එමඟින් දැනට ග්‍රීන් කාඩ් වීසා වැඩසටහනින් ලැබෙන වරප්‍රසාදවලට වඩා වැඩි අවස්ථාවන් ලබාගත හැකි බවත්, ඉදිරි සති දෙක ඇතුළත නව වීසා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT