Home » රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු සංවාදක කතිකාව

රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු සංවාදක කතිකාව

by sachintha
February 27, 2025 1:10 am 0 comment

ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදී ආනන්ද අබේනායක රචනා කළ ‘රට හෙල්ලූ ආන්දෝලාත්මක නඩු තීන්දු’ කෘතිය පිළිබඳ කතිකාව පසුගිය 18 වැනිදා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සිංහල භාෂාවෙන් රචින අධිකරණ වාර්තා පිළිබඳ වාර්තා 30ක් පිළිබඳ සංක්ෂිප්ත කළ මෙම කෘතිය පිළිබඳ සාරවත් විද්වත් කතිකාව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පූර්ණ දායකත්වය සහ සංවිධානයෙන් සිදු කරන ලදි. මේ සඳහා සම්පත්දායකත්වය අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප චමත් පීරිස්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්, මහාචාර්ය රසාංජලී පෙරේරා, ප්‍රවීණ මාධ්‍යවේදී දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ, පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට යන මහත්ම මහත්මීන්ගෙන් සිදු විය.

අධිකරණ වාර්තා 30ක් එක් කෘතියකට සංක්ෂිප්ත කර සහ සිංහල භාෂාවෙන් රචිත එකම කෘතිය ලෙස මෙය හැඳින්විය හැකි බවත් අධිකරණ වාර්තාකරණය වැනි ඉතා සංවේදී මාධ්‍යකරණය වසරක 35කට වැඩි අත්දැකීම්වල විශිෂ්ට නිර්මාණයක් ලෙසත් කෘතිය හැඳින්විය හැකි බවත් සම්පත්දායක සියලු දෙනාගේම අදහස විය. මේ කෘතිය විශේෂයෙන්ම නීතිය හදාරණ සිසුන්ටත්, වෙනත් විශ්වවිද්‍යාල සිසුන්ටත් පරිශීලනය වැදගත් මෙන්ම මාධ්‍යවේදීන්ටද පූර්වාදර්ශයක් ගෙනෙන කෘතියක් ලෙසද කතිකාව තුළදී පැහැදිලි විය. – ඉරෝෂා දීපානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT