Sunday, April 20, 2025
Home » එක ළඟ හිටියත් එකට හමු නොවුණු ලෝකය වෙනස් කළ රැවුල්කාරයන් දෙන්නා

එක ළඟ හිටියත් එකට හමු නොවුණු ලෝකය වෙනස් කළ රැවුල්කාරයන් දෙන්නා

by Gayan Abeykoon
February 26, 2025 1:20 am 0 comment

කාල් මාක්ස් සහ චාල්ස් ඩාවින්

1870 දශකයේ එකම රටක එකම නගරයක කිසි විටෙක එකිනෙකා මුණ නොගැසුණු එකම ආකාරයට රැවුල් වවාගත් ජාතිකත්වයන් දෙකක මිනිස්සු දෙන්නෙක් එකිනෙකාට වෙනස් මාර්ගවල යමින් ලෝකය කළඹවමින් සිටියහ. ඒ එංගලන්තයේ ලංඩන් හිදීය. එක් මිනිසෙක් යුදෙව් ජාතිකයෙකි. නමින් ඔහු කාල් හෙන්රිච් මාක්ස් නම්  විය. අනෙක් මිනිසා ඉංග්‍රීසි ජාතික චාල්ස් රොබට් ඩාවින් හෙවත් චාල්ස් ඩාවින්ය.

1800 වන විට ලෝකයේ දර්ශනය සහ විද්‍යාවේ කේන්ද්‍රය වී තිබුණේ යුරෝපයයි. නමුදු විද්‍යාවේ කේන්ද්‍රය ඒ වන විටත් මිනිසාගේ බිහිවීම පිළිබදව නිශ්චිත හා නිවැරදි ලෙස අනාවරණය කරගෙන තිබුණේ නැත. එහෙයින් මෙි කේන්ද්‍රය වටා ඒමෙි අතට දෝලනය වෙමින් හා කරකැවෙමින් සිටි උගත්තු, බුද්ධිමත්තු, දාර්ශනිකයන්

හා විද්‍යාඥයන් පල්ලිය විසින් දේශනාකළ සුරංගනා කතාව එනම් ‘‘දෙවියන්වහන්සේ විසින් මිනිසා මැවූ සේක ‘‘ යන්න ගිල දමා ඒ විඥ්ඥානවාදී චින්තනයේම ඇලී ගැලී සිටියහ.

හිටි ගමන් මේ සුන්දර සහ අතිශය  මනබඳිනාසුලු සිතිවිල්ල කීතු කරමින්චාල්ස් ඩාවින් නැමති රැවුල්කාරයාගේ ‘‘ අපි පරිණාමය වුයේ වඳුරෙක් ගෙන්”යැයි කියනු ලද  ඒ  අප්‍රසන්න හඬ ලංඩන් නුවරින් පටන් ගෙන මුලු මහත් යුරෝපය පුරා නිමිනාද වෙමින් ගලා ගියේ ය. අනතුරුව යුරෝපා බුද්ධිමත්තු සියදෙවුමැදුරු දෙස බැලුවෙි අවිශ්වාසයෙන් හා සැකයෙනි ‘‘ මිනිසා බිහිකළේ දෙවියන් නොව මිනිසා බිහිවුයේ වඳුරාගෙනි’’ යන මෙම හඬ එතෙක් යුරෝපය පාලනය කළ පල්ලිය පමණක් නොව ගෞරවනීය යුරෝපා සමාජයට ද එල්ල කළ අත් බෝමිබයක් වැනිවිය.  සුර දූතයෙක් විලසට දෙවියන් විසින් මැවූ මිනිසා කැත වඳුරකුගෙන්බිහිවී යැයි කියනු ලබන මේ බිඳ හෙළිය නොහැකි හැකි මතය ඉදිරියේ ඔවුහු අන්දමන්ද වූහ. ලෝකයේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව විද්‍යා ක්ෂේත්‍රයද එය වෙනස් කළේ ය.

එවිට කාල් මාක්ස් නැමති අනිත් මිනිසා මිනිසාගේ බිහිවීමේ සිට වර්තමානය දක්වා එකී මිනිසාගේ ඉතිහාසයේ පරිණාමයේ සංවර්ධන නීතිය  යුරෝපා සමාජයට පෙන්වාදෙමින් සිටියේ ය. ඩාවින් පෙන්වාදුන් මිනිසා බවට පත්වූ එක් වානර වර්ගයකපරිණාමය සිදුවුයේ ශ්‍රමය නිසා බවත්, එය විසින් මිනිසා බිහි කළ බවත්, එතෙක් සමාජයේ ප්‍රභු පන්තිය හා ඉඩමි හිමි රදලයන් අත තිබු ධනය ඔවුහුඋපතින් නොගෙනා බවත්, ඒවා ඉතිහාසයේ සිට දුර්වලයාගෙන් බලවන්තයා උදුරා ගන්නාලද හා සූරා ගන්නා ලද වස්තුව බවත් මාක්ස් පැහැදිලි කළේ ය.

රදලවාදී ඉඩමි හිමි ප්‍රභු පන්තියේ ලේ රත් කරවු මාක්ස්ගේ පැහැදිලි කිරීම ඉන් නැවතුනේ නැත. මේ  බලවත් ඉඩම්  හිමි රදලසමාඡය කළ කොල්ලකාරී සුරාකෑම විසින් මිනිසා ඓතිහාසික ලෙස පන්තින් දෙකකට බෙදා වෙන්කොට දැමූ බව මාක්ස් පැහැදිලි ලෙසත්, නියත ලෙසත් පෙන්වා සිටියේ ය.

මෙම මේ මතයන් ඉදිරිපත් කරන විට ‍‍දෙදෙනා සතුවම යම් සමාජයකට බලපෑම් කළ හැකි තමාගේම කණ්ඩායම්  සිටියේ නැත. එහෙයින් ඔවුහු යුරෝපා මහද්වීපයේ උර හිස මත තනි තනිව සිටගත්හ. ඒ යුගයේ ඔවුන්ගේ ජයග්‍රහණවල අතිමහත් බව හා තීව්‍රතාව විශ්මයජනක ය. එමෙන්ම  නොවරදිනසුලු විය.  අද දවස වන විට ලෝක ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් චාල්ස් ඩාවින් දනිති.  ඊට වඩා වැඩි ප්‍රමාණයක් මාක්ස්ව දනී. එයට හේතුව චාල්ස් විද්‍යාත්මක ය. විද්‍යාත්කම දේ දැනගැනීමට උගත යුතු ය. මාක්ස් දේශපාලනික ය. උපතේ පටන් මියයනතුරු මිනිසා දේශපාලනික බැවින් ඩාවින්ට වඩා මාක්ස් මිනිසුන්ට ළඟ වැඩි ය.

 

✍  උපාලි ජයසිංහ ✍

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT