Tuesday, March 25, 2025
Home » කෙහෙල්බද්දර පත්මේගේ බිරිඳගේ මහ ගෙදර වීඩියෝ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පත්මේගේ බිරිඳගේ මහ ගෙදර වීඩියෝ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

by chanaka
February 26, 2025 8:02 am 0 comment

සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබල සාමාජිකයකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මහ ගෙදර වීඩියෝ කළ පුද්ගලයන් දෙදෙනකු පන්නල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

එම සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් පැමිණි යතුරු පැදිය, වීඩියෝ කිරීමට යොදාගත් ජංගම දුරකථනය සහ හොරෙයින් මත්කුඩු මිලි ගෑම් 4610 ක් පොලිස් බාරයට ගෙන ඇත.

කොළඹ අලුත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඉකුත් 19 වැනිදා සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාව නීතිඥ වෙස්ගත් වෙඩික්කරුවෙකු යොදවා ඝාතනය කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලියේ ප්‍රබලම චරිතයක් වූ කෙහෙල්බද්දර පද්මේ සිය පියාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස අමිත් ගම්ලත්ගේ තිලිණ සම්පත් නොහොත් කමාන්ඩෝ සලින්ත හා තම්මිට අවිශ්ක මල්ලී යන දෙදෙනා සමග එක්ව ඒකාබද්ධව ඉතා සැලසුම් සහගතව සිදු කළ ඝාතනයක් බවට පොලිස් විමර්ශන වලදී මේ වන විට අනාවරණය වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT