Monday, April 21, 2025
Home » සභාපති පාපන්දු තරගාවලියේ ශූරතා දෙකම මැන්චෙස්ටර් දිනයි

සභාපති පාපන්දු තරගාවලියේ ශූරතා දෙකම මැන්චෙස්ටර් දිනයි

by sachintha
February 26, 2025 2:00 am 0 comment

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති කුසලාන යොවුන් පාපන්දු තරගාවලියේ 14න් පහළ හා 16න් පහළ ශූරතා දෙකම මැන්චෙස්ටර් ඇකඩමි පිල දිනා ගත්තේය. කොළඹ තුරඟ තරග පිටියේ පැවති 14න් පහළ අවසන් තරගයේදී ගෝල් 1-0කින් බාසිලෝනා පිල පරාජය කළ අතර, 16න් පහළ අවසන් තරගයේදී ගෝල් 4-0කින් සෝන්ඩර්ස් පිල පරාජය කිරීමට මැන්චෙස්ටර් ඇකඩමි කණ්ඩායම සමත් විය.

14න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මැන්චෙස්ටර් ඇකඩමි පිලේ ඔස්මාන් සලේ, දක්ෂතම ගෝල් කීපර් සම්මානය බාසිලෝනා ඇකඩමි පිලේ ධනශ්‍රී ගුණවර්ධන හා වැඩිම ගෝලලාභියාට පිරිනැමෙන සම්මානය මැන්චෙස්ටර් ඇකඩමි පිලේ ඔස්මාන් සලේ දිනා ගත්හ.

16න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මැන්චෙස්ටර් ඇකඩමි පිලේ මොහොමඩ් අමාන්, දක්ෂතම ගෝල් කීපර් සම්මානය මැන්චෙස්ටර් ඇකඩමි පිලේ මොහොමඩ් අස්ෆාක් හා වැඩිම ගෝලලාභියාට පිරිනැමෙන සම්මානය මැන්චෙස්ටර් ඇකඩමි පිලේ මොහොමඩ් ඉෂාඩ් දිනා ගත්හ.

මැන්චෙස්ටර්, බාසිලෝනා, ජාවාලේන්, කොළඹ පාපන්දු සමාජය හා කළම්බු යූත් යන පාපන්දු ඇකඩමි අතර පැවති මේ තරගාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක් හා අනුශූරයන්ට රුපියල් 50000ක් පිරිනැමීය. ශ්‍රී ලංකාවේ යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාපන්දු පුහුණුව ලබාදෙන මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමි සභාපති ඔගස්ටින් ජෝර්ජ් මහතා ඇතුළු පිරිසක් මේ තරගාවලිය සංවිධාන කළහ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT