ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් දොළුව ගුරුකැලේ අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න ප්‍රාථමික විද්‍යාලයට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි සිසු දරුවන් නව දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතැයි ගම්පොළ පොලීසිය පවසයි.
සිසු සිසුවියන් 149 ක් සිටින මෙම ප්‍රාථමික පාසලේ දරුවන් හට දහවල් විවේක කාලයේදී මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.
ඒ සමඟම සුව සැරිය ගිලන් රථවලින් හා ත්‍රිරෝද රථවලින් මෙම දරුවන් රෝහලට යවා විදුහල්පතිවරයා විසින් පාසල වසා දැමීමට කටයුතු කර තිබේ. පාසල් වත්ත මායිමේ ගසක බැඳ තිබූ බඹර වදයක් මෙසේ ඇවිස්සී සිසුන්ට පහර දී ඇති බව පැවසේ.
මෙම මාසය තුළදී ගම්පොළ අවට පාසල් තුනකට බඹර ප්‍රහාර එල්ල වීමෙන් එක් සිසුවකු මිය ගොස් සිසුන් අසූවක් පමණ රෝහල්ගත කොට තිබේ. ගම්පොළ උලපනේ මහා විද්‍යාලයට එල්ල වූ බඹර ප්‍රහාරයෙන් සිසුන් හා මවුපියන් හැට දෙනකු රෝහල්වලට ඇතුළත් කොට ඇත. එසේම මෙම මාසය තුළදී ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පමණක් බඹර ප්‍රහාරවලින් තිදෙනකු මිය ගොස් තිබේ.
කඳුකරයට මේ දිනවල ඇතිවී තිබෙන තද ඉඩෝරය හා සුළඟ සමඟ මෙම බඹරුන් ඇවිස්සී පාසල් සිසුන්ට, වතු ජනතාවට හා ගම්වාසීන්ට මෙසේ පහරදීම් සිදුවන අතර, මේ පිළිබඳව අවධානය යොමු කර යම් වැඩපිළිවෙළක් සකස්කොට මෙම පීඩාවන්ගෙන් ජනතාව බේරාගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
ගම්පොළ – සුරංග දිල්හාන්