පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් අභ්‍යාස පොත් උසස් තත්ත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට අභ්‍යාස පොත් නිෂ්පාදන ආයතන සමඟ සාකච්ඡාවක් පසුගියදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
කාලීනව සිදු වූ විදුලි බිල, විනිමය අනුපාතය හා ඉන්ධන මිල වෙනස්වීම හේතු කරගෙන නිෂ්පාදන පිරිවැය අඩු වීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලබා දීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පොත් නිෂ්පාදන ආයතන කිහිපයක් වන ඇට්ලස්, රිචඩ්, නාලක, අකුර, වීරෝදාර, SPC හා දුමිදු යන ආයතන සමඟ සාකච්ඡා වට දෙකක් මේ වන විට පවත්වනු ලැබ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
කාලීනව භාණ්ඩවල නිෂ්පාදන වියදම අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා අවශ්‍ය මැදිහත්වීම වෙනුවෙන් වෙළඳපොළ වැටලීම්, විමර්ශන සිදු කිරීම් මෙන්ම අදාළ ආයතන සමඟ නිරන්තර සාකච්ඡා පැවැත්වීමද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අඛණ්ඩව සිදු කරනු ලබයි.
ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක