130
කළුතර ප්රාදේශීය ලේකම් කාර්යාල බල ප්රදේශයට අයත් 713/A දොඩම්මුල්ල ග්රාම නිලධාරී වසමේ පදිංචි ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා කළුතර ප්රාදේශීය සභාවෙන් ලබා දුන් ලීටර් 1,500 ජල ටැංකිය කිසියම් පිරිසක් විසින් කඩා දමා විනාශ කර ඇති බවට ප්රදේශවාසීන් කළුතර උතුරු පොලීසියට පැමිණිලි කර ඇත.
ජාතික ජන බලවේගයේ ප්රධාන සංවිධායක ශෂී සුපුන් මහතාගේ ඉල්ලීම පරිදි ලබා දුන් මෙම ජල ටැංකිය අලියාකන්ද හන්දියේ ස්ථාපිත කර තිබූ අතර, වාද්දුව ජලපවාහන මණ්ඩලයේ ඉංජිනේරු මනම්පේරිය මහතාගේ මැදිහත්වීම මත ටැංකියට ජලය ලබා දීමට කටයුතු කර තිබුණි. කළුතර උතුරු පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
මොරොන්තුඩුව සමූහ – ටයිටස් තිසේරා සන්දනායක