ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කාන්තා හා ළමා වාට්ටුව සඳහා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් සමඟ ළමා වෛද්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය සායන අංශයට කුසලතා සංවර්ධන ඒකකයක් එම රෝහලේම විශේෂඥ වෛද්‍යවරියක විසින් සිය ධන පරිත්‍යාගයෙන් ඉදිකර රෝහලට පරිත්‍යාග කර තිබේ.
වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය ආචාර්ය එච්.පී. වක්කුඹුර මහත්මිය 41 වසරක සේවා කාලයත් සම්පූර්ණ කර විශ්‍රාම යෑම නිමිත්තෙන් මෙම සමාජ මෙහෙවර ඉටු කර ඇත. දේශීය වෛද්‍ය, ආයුර්වේද වෛද්‍ය සේවය තුළින් ළමා හා කාන්තා රෝග සඳහා විශාල සේවාවක් කර ඇති වක්කුඹුර මහත්මිය දේශීය වෛද්‍ය ක්‍රමයෙහි නවතම පර්යේෂණ ගණනාවකින්ම සාර්ථක ප්‍රතිකාර ක්‍රම වෛද්‍ය ක්ෂේත්‍රයට එක්කර ඇති දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද නමක් දිනාගත් වෛද්‍යවරියකි.
වතුරුගම සමූහ – කේ.කේ.එස්. ආරියදාස