Home » වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයට වෛද්‍යවරියකගෙන් උපකරණ පරිත්‍යාගයක්

වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයට වෛද්‍යවරියකගෙන් උපකරණ පරිත්‍යාගයක්

by sachintha
February 26, 2025 1:21 am 0 comment

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කාන්තා හා ළමා වාට්ටුව සඳහා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් සමඟ ළමා වෛද්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය සායන අංශයට කුසලතා සංවර්ධන ඒකකයක් එම රෝහලේම විශේෂඥ වෛද්‍යවරියක විසින් සිය ධන පරිත්‍යාගයෙන් ඉදිකර රෝහලට පරිත්‍යාග කර තිබේ.

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය ආචාර්ය එච්.පී. වක්කුඹුර මහත්මිය 41 වසරක සේවා කාලයත් සම්පූර්ණ කර විශ්‍රාම යෑම නිමිත්තෙන් මෙම සමාජ මෙහෙවර ඉටු කර ඇත. දේශීය වෛද්‍ය, ආයුර්වේද වෛද්‍ය සේවය තුළින් ළමා හා කාන්තා රෝග සඳහා විශාල සේවාවක් කර ඇති වක්කුඹුර මහත්මිය දේශීය වෛද්‍ය ක්‍රමයෙහි නවතම පර්යේෂණ ගණනාවකින්ම සාර්ථක ප්‍රතිකාර ක්‍රම වෛද්‍ය ක්ෂේත්‍රයට එක්කර ඇති දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද නමක් දිනාගත් වෛද්‍යවරියකි.

වතුරුගම සමූහ – කේ.කේ.එස්. ආරියදාස

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT