Monday, April 21, 2025
Home » වල්ගම ශ්‍රී විසුද්ධාරාමයේ අභිනව පිවිසුම් වාහල්කඩ විවෘත කරයි

වල්ගම ශ්‍රී විසුද්ධාරාමයේ අභිනව පිවිසුම් වාහල්කඩ විවෘත කරයි

by sachintha
February 26, 2025 1:20 am 0 comment

බණ්ඩාරගම, වල්ගම ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රධාන පිවිසුම් වාහල්කඩ සම්බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා සිදු කෙරිණි.

එම විහාරස්ථානයේ විහාරාධිකාරි සූරියවැව අමිත හිමියන්ගේ ආරාධනයෙන් වැඩම කළ ගුංගමුව ශ්‍රී මහා විහාරාධිපති විශ්‍රාමික පාඨශාලාචාර්ය කුඹුක ඉන්ද්‍රසුමන හිමියන් පින්කම සඳහා පැමිණි පිරිස පන්සිල්හි පිහිටුවීමෙන් අනතුරුව වැඩම කළ අනෙකුත් සංඝයාවහන්සේගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පෙරවරු 8.50ට යෙදුණු සුබ මොහොතින් විහාරාධිපති විදාගම කස්සප හිමියන්ගේ සුරතින් වාහල්කඩේ ප්‍රධාන දොරටුව පීත්ත පටිය කපා විවෘත කිරීම සිදු විය.

කෝට්ටේ කල්‍යාණි ශ්‍රී සාමග්‍රී සංඝ සභාවේ අනුනායක, කිඳෙල්පිටිය ශ්‍රී චේතියාරාම මහා විහාරාධිපති මකුරුප්පේ සෝමාලංකාර හිමියන්ගේ සුරතින් වාහල්කඩ දකුණු පිවිසුම් දොරටුව විවෘත කෙරිණි.

මීට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පැවැත්විණි. මෙම පින්කම් සඳහා ප්‍රදේශයේ විහාරස්ථානවල මහාසංඝයා වහන්සේ ඇතුළු දායක දායිකාවන් මෙන්ම ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT