Home » ශ්‍රී ලංකා-චීන සබඳතා තර කරමින් දේවි බාලිකාවෝ විසිතුරු නිමැවුම් මවති

ශ්‍රී ලංකා-චීන සබඳතා තර කරමින් දේවි බාලිකාවෝ විසිතුරු නිමැවුම් මවති

by sachintha
February 26, 2025 2:18 am 0 comment

ශ්‍රී ලංකා – චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් කොළඹ දේවි බාලිකා පාසලේදී කඩදාසිවලින් විසිතුරු මෝස්තර නිර්මාණ ක්‍රම ඉගැන්වීමේ වැඩමුළුවක් කොළඹ කොන්පියුසිස් ආයතනයේ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත්දා (20) කොළඹ – චීන සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලැබිණි.

මෙහිදී චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක Ni Lisheng ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. ශ්‍රී ලංකා චීන සංගමයේ සභාපති ජිනිත් ද සිල්වා, දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පති සුනේත්‍රා වික්‍රමසිංහ, නියෝජ්‍ය විදුහල්පති යුගාන්ත ලියනගේ, කොළඹ චීන භාෂාව උගන්වන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය wang fei යන සම්පත්දායකයෝ ද මෙහිදී දේශන පැවැත්වූහ.

කොළඹ සමූහ – මහින්ද ප්‍රසාද්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT