Home » ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිගේ අවසන් කටයුතු අද

ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිගේ අවසන් කටයුතු අද

by sachintha
February 26, 2025 1:18 am 0 comment

ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරංග චින්තන මහතා හදිසි අනතුරකට ලක්වීමෙන් පෙරේදා (24) මියගොස් තිබේ.

ඉකුත් හයවැනිදා රාත්‍රියේ සේවය නිම කර යතුරුපැදියෙන් සිය නි‍ෙවසට යමින් සිටිය දී යක්කටුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් තිබේ. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්ව ඇති ඔහු දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු කොට්ඨාසයේ රාජකාරි කර ඇති අතර දැනට මාස කිහිපයකට පෙර ඇල්පිටිය කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තිබේ. 38 හැවිරිදි දෙදරු පියකු වූ ඒ මහතාගේ දේහය බටපොළ, නින්දාන, බොරලුතොට පිහිටි ඒ මහතාගේ නි‍ෙවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතය.

ඇල්පිටිය සමූහ – චන්ද්‍රසිරි ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT