තොග වශයෙන් සහ පැකට් කර කේරළ ගංජා අලෙවි කිරීමේ නිරත වූ මීගමුව නගර සභාවේ සේවකයකු සන්තකයේ තබාගත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 150ක් ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සමඟ ඉකුත් 23 වැනි දින රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට මීගමුව දිස්ත්‍රික් වැටලීම් ඒකකය සමත් වී තිබේ. මීගමුව දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්. රණවීර මහතාට ලැබුණු තොරතුරක් මත ජාවාරම්කරු විසින් ගැනුම්කරුවකුට ගංජා තොගය ලබාදීම සඳහා යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී මීගමුව පෙරියමුල්ල හිරිමල්වත්ත ප්‍රදේශයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 27ක් වූ සැකකරු මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
කාලයක් තිස්සේ මෙම ජාවාරම්කරු විසින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත් ලැබෙන ඇණවුම් මත නගර සභාවේ සේවය කරන අතරතුරදී කුඩා ප්‍රමාණයේ පැකට් බෙදා හැරීමට කටයුතු කර ඇති බවද සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු මීගමුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මීගමුව දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්. රණවීර, පොලිස් සැරයන් ජානක (68203), පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක (21817), ජයතිලක (99612)) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
මාරවිල සමූහ – මිහිර විජේසේකර