ලුණුගල මඩුවත්ත ග්‍රාම නිලධාරි වසමට අයත් ආනකඳුර ප්‍රදේශයේ කාංචනා මාවතේ මීටර් 500ක පමණ දුරක් වසර එකහමාරකට පෙර නාය යෑමට ලක්වූ මාර්ගය මෙතෙක් ප්‍රතිසංස්කරණය නොවීම නිසා ගම්මාන රැසක ජීවත්වන පවුල් සිය ගනණක් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු පවසති. කළුගහතැන්න, වලස්ඇල්ල, මඩුවත්ත, පීස්ස යන ගම්මානවල ජීවත්වන ජනතාවගේ ගොවි නිෂ්පාදන නගරයට ගෙනයෑම ඇතුළු සියලුම ගමනාගමන කටයුතු නැවතී තිබෙන අතර මඩුවත්ත පාසලට යන ගුරුවරන් ඇතුළු දරුවන් දැඩි අසීරුතාවට පත්ව සිටිති. කඳු පල්ලම් ආශ්‍රිතව දිවෙන මෙම මාර්ගය නාය යෑමට ලක්වී වසරකට පසු ප්‍රදේශවාසීන් එක්ව ගල් පස් දමා තාවකාලිකව සංවර්ධනය කළත් වාහන ධාවනය කළ නොහැකි බවත් කැලෑබද ප්‍රදේශවලින් තම ගම්මාන වෙත යෑමට අතුරු මාර්ග භාවිත කරන බවත් ගම්වාසීහු පවසති. මේ පිළිබදව ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූවිට එහි වගකිව යුතු නිලධාරියකු පවසා සිටියේ මාර්ගය සංවර්ධනය කිරීමට මුදල් නොමැති බවයි.
ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි